slc
logo
Home   |    News
ජනවාරි 4, 2021
මොයින් අලීට කොරෝනා ආසාධනය වෙයි

sinhala editor

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් – 19 වෛසරය ආසාදනය වී තිබෙන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

ගෙවී ගිය ඉරිදා (03 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණවලට මුහුණ දෙන ලදුව එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුට අදාළ වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරට පවතින නීරෝධායන නීති රෙගුලාසි වලට අනුව අලීට දින 10 ක කාලයක් ස්වයං නීරෝධායන කාලයකට යටත්ව කල් ගත කිරීමට සිදුවනු ඇත. මේ අතර ඔහු සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ ඇතැයි පැවසෙන ක්‍රිස් වෝක්ස්ටද දින 7 ක කාලයක් නීරෝධායනය වන ලෙස උපදෙස් ලැබී තිබෙන අතර ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය මත එංගලන්ත කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් සහ නිලධාරීන් හෙට දිනයේදී (05 දා) නැවතත් සිය දෙවැනි පී. සී. ආර්. පරීක්ෂණවලට භාජනය වීමට නියමිතව තිබේ. තරග 2 කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම ලබන 06 වැනිදා සිය පළමු පුහුණු සැසිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee