slc
logo
Home   |    News
ජනවාරි 4, 2021
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බලාපොරොත්තු වැඩි කර ගනිති

sinhala editor

ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 150 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය වූ අද (04 දා) සන්ධ්‍යාවේදී තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 150 ක් රැස් කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිලට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 6 ක් අත තබාගෙනය.

කෙසේ වෙතත් තරගයේ තෙවැනි දිනය වන හෙට (05 දා) දිනයේදී ඉතිරි කඩුලු ආරක්ෂා කර ගනිමින් තවත් ලකුණු 225 කට වඩා ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පිතිකරුවන් සමත් වුවහොත් ජයග්‍රහණය  පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් රඳවා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු අතරට පැමිණ සිටින නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු තර කිරීමට සමත්ව සිටින්නේය. මෙය දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකානු තණතීරුවක රැස් කර තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වේ. නායක දිමුත් සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙල් ලකුණු 41 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩුල්ලේ රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 18 ක් ලබා සිටියි.

ඒ අනුව තරගයේ තෙවැනි දිනයේදී මොවුන් දෙපළ දිගු ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වුවහොත් එය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුළ තරගය පිළිබඳව කිසියමි පරාජිත සැකයක් ජනිත කරවීමේ හැකියාව උදාවනු ඇත.

ඉනිම ආරම්භයේදීම කුසල් පෙරේරා න්ගිඩිගේ පන්දුවක් හමුවේ දැවී ගිය නමුත් නායක දිමුත්ට එක්වූ ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත වූහ. එහිදී සාර්ථක අඩිතාලමක් එක් කළ තිරිමාන්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නායකයාට සහාය විය. න්ගිඩිගේ දෙවැනි කඩුල්ල ලෙසින් නායක ඩිකොක් අතට උඩ පන්දුවක් දී තිරිමාන්න දැවී යන විට ලකුණු 31 ක් ලබා සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු ලබා ගැනීමට නොහැකි වුණු කුසල් මෙන්ඩිස් අද දිනයේදීද ලකුණු නොලබා දැවී යෑම කණගාටුදායක විය. තිරිමාන්නගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි මෙන්ඩිස්, මුහුණ දුන් පළමු පනක්දුවටම ඩිකොක් අතට උ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ මෙම තරගාවලියේ තෙවැනි වරටත් ලකුණු ලබා නොගනමිනි. සිය පළමු තරගයට සහභාගිවී සිටින මිනෝද් භානුකටද අද දිනයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණක් පමණක් වූ අතර ඔහු නෝයේගේ පන්දුවක් හමුවේ කේෂව් මහරාජ් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

එක් කඩුල්ලකට ලකුණු 148 ක් ලෙස ප්‍රබල තත්ත්වයක සිට දෙවැනි දිනය ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 302 කට සීමා කිරීමට විශ්ව ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. පෙර දිනයේ කඩුල්ලේ රැදී සිටි ඩීන් එල්ගාර් සහ වැන්ඩර් ඩුසේන් එක්ව අද දිනයේදී තවත් ලකුණු 70 ක් එක් කරමින් දෙවැනි කඩුල්ලේ වූ සම්බන්ධතාවය ලකුණු 184 ක් දක්වා ඉහළ දමා ගත්හ. සිය ටෙස්ට් තරග දිවියේ 13 වැනි ශතකය අද දිනයේදී වාර්තා කරගත් ඩීන් එල්ගාර් ලකුණු 127 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ ගොදුරක් ලෙසින්ද වැන්ඩර් ඩුසෙන් දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ලකුණු 67 කට දැවී ගියේය.

පිට පිට පන්දුවාර 2 කදී මෙම සුසංයෝගය දවා ගැනීමට දුෂ්මන්ත සහ දසුන් සමත්වීම මත දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ කඩා වැටීම ඇරඹිණ. ඒ අනුව ක්‍රියාත්මක වුණු විශ්ව ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු පසු පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම දවා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරගත්තේය. ලකුණු 101 කට කඩුලු 5 ක් ලෙසින් විශ්ව දක්වද්දී මංගල තරගයට සහභාගිව සිටින අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee