slc
Home   |    News
පෙබරවාරි 28, 2021
එස්.එස්.සී. පැරදවූ ලන්කන් ක්‍රීඩකයෝ 23 න් පහළ එක්දින ශූරයෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (28 දා) පැවැති අවසන් මහ තරගයේදී ජය වාර්තා කළ ලන්කන් ක්‍රිකට් සමාජය එක්දින ශූරයින් ලෙසින් කිරුළු පැළඳීය. කොළඹ එස්. එස්. සී. පිලට එරෙහිව ඔවුන්ගේම පිටියේ පැවැති තරගයේදී ලකුණු 59 ක ජයක් වාර්තා කරමින් එම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමට ලන්කන් ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ සමත්වූහ.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 49.2 කී සියළු දෙනා දැවී ලකුණු 223 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කොළඹ එස්. එස්.සී. පිලට පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි.

සිය ක්‍රීඩා සමාජ පිටියේදීම ජයග්‍රහණය අවහිර කළ ලන්කන් පන්දු යවන්නන් අතරින් දුනිත් වෙල්ලාලගේ කැපී පෙනුණු අතර ඔහු ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තේය. පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ දුනිත් ඒ අතර තුර නිලකුණු පන්දුවාරයක්ද යැවීම කැපී පෙනුණි. ඔහුට අමතරව සදුන් සත්සර, යසිරු රොද්‍රිගෝ සහ සවන් කන්කානන්ගේ කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

බදුරලියට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට අවතීර්ණ වුවද එම තරගයේදී නොදැවී ලකුණු රැස් කළ නිපුන් ධනංජය ලකුණු 38 කටත් සොහාන් ඩි ලිවේරා ලකුණු 11 කටත් දවා ගනිමින් සත්කාරකයින්ට පීඩනය යොමු කිරීමට ලන්කන් පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් මැද පෙළින් පන්දුවට පහර දුන් නායක සම්මු අශාන් අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යෑමට දැඩි උත්සාහයක් ගත්තද ක්‍රිෂාන් සංජුල (31) හැරුණු කොට සෙසි පිතිකරුවන්ගේ දායකත්වය ඒ සඳහා නොලැබිණ. ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් සම්මු දැවී යන විට පන්දු 65 කට මුහුණ දෙමින් තම ඉනිම හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය.

ජයග්‍රාහී ලන්කන් පිල වෙනුවෙන් කඩුලු රැකි කසුන් අබේරත්න පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 51 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව නායක දමිත් සිල්වා ලකුණු 30 ක් සහ කෙවින් පෙරේරා ලකුණු 40 ක් වශයෙන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය දැක්වූහ. පන්දු යැවීමේදී දිලුම් තිලකරත්න සහ ශම්මු අශාන් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී කලන පෙරේරා කඩුලු 2 ක් බිඳ හෙළීය.

අවසන් තරගයේ වීරයා – කසුන් අබේරත්න

ලන්කන් ක්‍රිකට් පිල පන්දුවාර 49.2 කදී ලකුණු 223 යි – (කසුන් අබේරත්න 51, කෙවින් පෙරේරා 40, දමිත් සිල්වා 30, ළහිරු ඩිල්ෂාන් 22, සවන් කන්කාන්ගේ 22, උමේෂ් ලක්ෂාන් 21, විශ්ව චතුරංග 14, යසිරු රොඳ්‍රිගු 11, දිලුම් තිලකරත්න 35/3, සම්මු අශාන් 31/3, කලන පෙරේරා 50/2, චමිඳු වික්‍රමසිංහ 36/1, කවිඳු නදීශාන් 30/1) 

එස්. එස්. සී. පන්දුවාර 44.3 කදී ලකුණු 164 යි – (සම්මු අශාන් 50, නිපුන් ධනංජය 38, ක්‍රිෂාන් සංජුල 31, චමිඳු වික්‍රමසිංහ 15, සොහාන් ඩි ලිවේරා 11, දුනිත් වෙල්ලාලගේ 29/3, සදුන් සත්සර 29/2, සවන් කන්කානගේ 09/2, යසිරු රොද්‍රගු 23/2, ළහිරු ඩිල්ෂාන් 38/1)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest