slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2021
කොවිඩ් නිසා නතරවුණු අවුරුදු 23 න් පහළ තරගාවලිය යළි ඇරඹෙයි

sinhala editor

අවසන් පූර්ව තරග 26 වැනිදා

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග නැවතත් පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබේ.

ඒ අනුව එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගය එන්. සී. සී. ක්‍රීඩා පිටියේදීද කෝල්ට්ස් සහ ලන්කන් අතර තරගය සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගය ලබන 28 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත.

කාණ්ඩ 4 ක් යටතේ පැවැති මූලික වටයේ තරගවලින් අනතුරුව ‘ඒ’ කාණ්ඩයෙන් බදුරලිය, ‘බී’ කාණ්ඩයෙන් ලන්කන්, ‘සී’, කාණ්ඩයෙන් කෝල්ට්ස් සහ ‘ඩී’ කාණ්ඩයෙන් එස්. එස්. සී. පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරග වරම් දිනා ගත්හ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee