slc
Home   |    News
පෙබරවාරි 19, 2021
කොවිඩ් නිසා නතරවුණු අවුරුදු 23 න් පහළ තරගාවලිය යළි ඇරඹෙයි

sinhala editor

අවසන් පූර්ව තරග 26 වැනිදා

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග නැවතත් පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබේ.

ඒ අනුව එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගය එන්. සී. සී. ක්‍රීඩා පිටියේදීද කෝල්ට්ස් සහ ලන්කන් අතර තරගය සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගය ලබන 28 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත.

කාණ්ඩ 4 ක් යටතේ පැවැති මූලික වටයේ තරගවලින් අනතුරුව ‘ඒ’ කාණ්ඩයෙන් බදුරලිය, ‘බී’ කාණ්ඩයෙන් ලන්කන්, ‘සී’, කාණ්ඩයෙන් කෝල්ට්ස් සහ ‘ඩී’ කාණ්ඩයෙන් එස්. එස්. සී. පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරග වරම් දිනා ගත්හ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest