slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2021
යෝග්‍යතා පරීක්ෂණය සාර්ථකව අවසන් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ යෝග්‍යතා මට්ටම පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා, නියමිත කාලය ඇතුළත කිලෝ මීටර 2 ක දුරක් දිව යෑමේ පරීක්ෂණය කොළඹ සුගතදාස එළිමහන් පිටියේදී අද  (12 දා) දින  අවසන් විය.

මෙම යෝග්‍යතා පරීක්ෂණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කරගනිමින් නම් කරන ලද 36 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 32 කුගේ සහභාත්වයෙන් පැවැත්විණ.

ආබාධ වලට මුහුණ දී සිටින ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවූ අතර කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන්ද ළහිරු තිරිමාන්න කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් මෙම යෝග්‍යතා පරීක්ෂණයට සහභාගිවීමේ වැළකී සිටියහ.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම වෙනුවෙන් සාමාන්‍යයෙන් යොදා ගනු ලබන යෝ-යෝ ක්‍රමය වෙනුවට කිලෝ මීටර 2 ක දුරක් මිනිත්තු 8 කුත් තත්පර 35 ක කාලයක් ඇතුළත දිව යමින් අවසන් කිරීමේ අභියෝගය අද දිනයේදී ක්‍රීඩකයින්ට හිමිවිය. මෙම ක්‍රමය ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම විඳ දරා ගැනීමේ මට්ටම තීරණය කිරීම සඳහා දැනට ලෝකයේ භාවිතා කරනු ලබන සම්මත ක්‍රමයකි.

ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙසින් කටයුතු කරන ග්‍රාන්ට් ලූඩන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳව අදහස් දැක්වූ යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු, “දැනට ලොව භාවිතා කරන යෝග්‍යතා මට්ටමට අපි හුරු වෙන්න ඕන. ඉදිරියට යද්දී අපි මේ නිර්ණායකයන් වෙනස් කරනවා. එහිදී  විශේෂයෙන්ම පන්දු යවන්නන්ට, පිතිකරුවන් මෙන්ම කඩුලු රකින්නන්ට විවිධ කාල වලදී ලබා දෙනු ලබන ඉලක්කයන් අපි ඉදිරියේදී වෙනස් කරනු ලබනවා”යි සඳහන් කර සිටියේය.

“කිසියම් ක්‍රීඩකයකු මෙම යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුට ඊළඟට තවත් දින 40 කින් පසු යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමේ අවස්ථාව හිමිවනවා. මේ වසර අවසානයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර යෝග්‍යතා තත්ත්වය පිළිබඳව හොඳ තක්සේරුවක් ලබා ගැනීම තමයි අපේ අදහස වී තිබෙන්නේ” යි ලූඩන් වැඩිදුරටත් පැවැසීය.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee