slc
Home   |    News
පෙබරවාරි 20, 2021
විස්සයි-20 පුහුණුවේදී දිමුත්ගෙන් වේගවත් ලකුණු 89 ක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි.

පන්දු 53 කින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය. මුහුණ දුන් 29 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් වමත් ආරම්භක පිතිකරුවා, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම හේතුවෙන් ශතකය අහිමි කර ගත්තේය.

තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කරුණාරත්න සමත් වුවද ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී අෂේන් බණ්ඩාර හැරුණු කොට සෙසු පිතිකරුවන්ගේ දායකත්වය නොලැබී යෑම මත දසුන් ශානකගේ කණ්ඩායම හමුවේ ලකුණු 19 ක පරාජයකට මුහුණ දීමට සිදුවිය. අෂේන් බණ්ඩාර පන්දු 31 කදී ලකුණු 41 ක් රැස් කර ගත්තේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු දුෂ්මන්ත චමීර පන්දුවාර 3 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගනිමින් කරුණාරත්නගේ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන නවතාලීය. ඔහුට අමතරව නුවන් ප්‍රදීප් ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත්තේය. මොවුන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි.

කොදෙව් සංචාරයට පෙර ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පුහුණු තරග මාලාව යටතේ ඊයේ පැවැති එක්දින තරගයේදී ලකුණු 149 ක් රැස් කරගත් දිනේෂ් චන්දිමාල් සහ ලකුණු 51 ක් රැස් කරගත් දසුන් ශානක අද දිනයේදී යළිත් විස්සයි-20 තරග රටාවට අනුගත වෙමින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ.

එහිදී චන්දිමාල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 38 කදී ලකුණු 55 ක්ද දසුන් ශානක පන්දු 27 කදී වේගවත් ලකුණු 62 ක් රැස් කළේය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණු ශානක, මුහුණ දුන් 23 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා යෑමට සමත්වූවේය.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 14 ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ලකුණු 14 කට දැවී ගියද අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පැතුම් නිස්සංක ලකුණු 41 ක් ලබා ගනිමින් සාර්ථක රිද්මයක් ගොඩ නඟා ගත්තේය. පන්දු 27 කින් සමන්විත පැතුම්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් විය.

කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වැනිදා අළුයම පිටත්ව යෑමට නියමිතය.

දසුන් ශානක XI පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 194 යි – (දසුන් ශානක 62*, දිනේෂ් චන්දිමාල් 55, පැතුම් නිස්සංක 41, ධනුෂ්ක ගුණතිලක 14, කමිදු මෙන්ඩිස් 13, ළහිරු කුමාර 35/2, ලක්ෂාන් සඳකැන් 24/1, විශ්ව ප්‍රනාන්දු 32/1)

දිමුත් කරුණාරත්න XI පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 175 යි – (දිමුත් කරුණාරත්න 89, අෂේන් බණ්ඩාර 41, ඕෂද ප්‍රනාන්දු 10, තිසර පෙරේරා 14, දුෂ්මන්ත චමීර 23/4, නුවන් ප්‍රදීප් 19/2, වනිඳු හසරංග 39/1)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest