slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2021
ක්‍රිකට් ආයතනයේ මූලිකත්වයෙන් නවීකරණය වුණු අම්බලන්ගොඩ නගර සභා පිටිය ක්‍රීඩක අයිතියට

sinhala editor

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩපිළිවෙළ යටතේ නැවත සංවර්ධනය කරන ලද අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී සිදුකෙරිණ.

මුළු ක්‍රීඩාංගණයම ආවරණය පරිදි තණ කොළ එළීම, තීරු 3 කින් සමන්විත තණතීරුවක්, මැටින් විකට්ටුවක්, පුහුණු පැති විකට්ටු 5 ක් සහ චලනය කළ හැකි ආකාරයේ දර්ශන තිර 2 ක් , එම ප්‍රති නිර්මාණය සැලසුමට ඇතුළත් විය.

ඊට අමතරව ක්‍රීඩාංගණය සහ තණතීරුව නඩත්තුව සදහා යොදා ගනු ලබන නඩත්තු උපකරණ තොගයක්ද එදින ක්‍රීඩාංගණ භාරකරුවන්ට ලබා දීම විශේෂත්වයක් විය. ඒ අතරට තලන යන්ත්‍ර, තණ කොළ කපන යන්ත්‍ර, හතරේ සීමාව ආසන්නයේ තණ කොල කැපීමට භාවිතා කරන යන්ත්‍ර සහ ට්‍රැක්ටර්ද ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන ලදී.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පැවැරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ආචාර්ය ජයන්ත ධර්මදාස, ජාතික ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි, අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් සහ ගාලු ක්‍රීඩා සමාජයේ සභාපති සහ ලලිත් හැළඹගේ සහ සහ එහි ලේකම් ජයන්ත ජයවීර යන මහත්වරු සහභාගිවූහ. මෙම පිරිසට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන අජිත් ද සිල්වා සහ උපුල් තරංග යන මහත්වරුද සහභාගිවූහ.

කාණ්ඩ දෙකක් යටතේ සිදුකෙරුණු මෙම ක්‍රීඩාංණ විවෘත කිරීමේදී ප්‍රථමයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ක්‍රීඩාංගණය විවෘත කෙරිණ. මේ අතර 2014 වසරේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය වෙත ලබා දී තිබුණු ගෘහස්ත දැල් සංකීර්ණයද ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීම, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

මෙම විවෘත කිරීමට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ දෙකක් වන අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය සහ රියෝ ක්‍රීඩා සමාජ අතර ප්‍රදර්ශන තරගයක්ද පැවැත්වීම කැපී පෙනුණි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee