slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2021
23 න් පහළ එක්දින තරගාවලියේ එස්.එස්.සී.-ලන්කන් අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී එස්. එස්. සී. සහ ලන්කන් ක්‍රීඩා සමාජ ජය වාර්තා කළහ.

අවසන් පූර්ව තරග වටයේදී කොළඹ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් කොළඹ එස්.එස්.සී. කණ්ඩායමද ප්‍රබල කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් ලන්කන් පිලද අනිද්දා (28 දා ) කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගත්හ.

එස්.එස්.සී. – බදුරලිය

එන්.සී. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩා සමාජයට දිලුම් තිලකරත්න ප්‍රමුඛ එස්. එස්. සී. පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 34 කදී ලකුණු 93 ක් පමණි.

ආරම්භයේ සිටම බදුරලිය පිතිකරුවන් මනා ලෙස පාලනය කළ එස්. එස්. සී. පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු දිලුම් තිලකරත්න පන්දුවාර 8 කදී ලකුණු 27 ක් පමණක් ලබා දී කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව චමිඳු වික්‍රමසිංහ ලකුණු 7 කට කඩුලු 2 ක් සහ කලන පෙරේරා සහ හිමේෂ් රාමනායක එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

එස්. එස්. සී. පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩා සමාජයේ තමිඳු වික්‍රමාරච්චි සහ මිතිර තෙනුර පමණක් ලලකුණු 22 ක බැගින් වාර්තා කළහ.

ලකුණු හඹා යෑමේදී ඉනිම ආරම්භ කළ නිපුන් ධනංජය සහ සොහාන් ඩි ලිවේරා පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් 18 වැනි පන්දුවාරය අවසාන වත්ම කඩුලු 10 ක ජයග්‍රහණයක් කරා එස්. එස්. සී. පිල රැගෙන ගියහ. එහිදී කැපී පෙනුණු නිපුන් ධනංජය පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 50 ක් රැස් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඩි ලිවේරා පන්දු 56 කදී ලකුණු 37 ක් රැස් කළේය.

බදුරලිය පන්දුවාර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 93 යි – (මිතිර තේනුර 22, මාලින්ද ජයෝද් 13, තමිඳු වික්‍රමාරච්චි 22, දිලුම් තිලකරත්න 27/5, චතමිඳු වික්‍රමසිංහ 07/2, කලන පෙරේරා 18/1, හිමේෂ් රාමනායක 08/1)

එස්.එස්.සී. පන්දුවාර 18 කදී කිසිවකු නොදැවී ලකුණු 95 යි – (නිපුන් ධනංජය 50*, සොහාන් ඩි ලිවේරා 37*)

කෝල්ට්ස් – ලන්කන්

පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කරට කර සටනකින් අනතුරුව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ලන්කන් ක්‍රීඩා සමාජය සමත්විය. ලකුණු 190 ක් හඹා ගිය ලන්කන්ස් පිල 48 වැනි පස්වැනි පන්දුවෙන් ජයග්‍රහණය සනාථ කර ගන්නා විට කඩුලු 7 ක් කණ්ඩායමට අහිමිව තිබුණි.

එම හඹා යෑමේදී පෙරමුණ ගත් නායක දමිත් සිල්වා ලකුණු 41 ක් රැස් කළේය. පන්දු 68 කදී වාර්තා වුණු එම ඉවසිලිවන්ත ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් පි වෙනුවෙන් ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු 80 කදී වාර්තා වුණු එම ඉනිම සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 4 ක් එල්ල කර තිබුණි. ඔහුට අමතරව විශාද් රන්දික ලකුණු 38 ක් ලබා ගත්තේය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 43.1 කදී ලකුණු 189 යි – (ධනංජය ලක්ෂාන් 55, විෂාද් රන්දික 38, හේෂාන් දනුෂ්ක 21, සංතුෂ් ගුණතිලක 17, ආමන්ත ගුණරත්න 13, යසිරු රුඳ්‍රගු 49/4, ළහිරු ඩිල්ෂාන් 14/3? දුනිත් වෙල්ලාලගේ 32/2)

ලන්කන් ක්‍රීඩා සමාජය පන්දුවාර 47.5 කදී කඩුලු 7 ට ලකුණු 190 යි – (විශ්ව චතුරංග 33, කෙවින් පෙරේරා 14, කසුන් අබේරත්න 26, දමිත් සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ 22, මෙත්සිත් ජයමාන්න 26, ආමන්ත ගුණරත්න 42/3, රොහාන් සංජය 27/2, නිපුන් රන්සික 19/1, ධනංජය ලක්ෂාන් 33/1)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar