slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2021
23 න් පහළ එක්දින තරගාවලියේ එස්.එස්.සී.-ලන්කන් අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී එස්. එස්. සී. සහ ලන්කන් ක්‍රීඩා සමාජ ජය වාර්තා කළහ.

අවසන් පූර්ව තරග වටයේදී කොළඹ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් කොළඹ එස්.එස්.සී. කණ්ඩායමද ප්‍රබල කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් ලන්කන් පිලද අනිද්දා (28 දා ) කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගත්හ.

එස්.එස්.සී. – බදුරලිය

එන්.සී. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩා සමාජයට දිලුම් තිලකරත්න ප්‍රමුඛ එස්. එස්. සී. පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 34 කදී ලකුණු 93 ක් පමණි.

ආරම්භයේ සිටම බදුරලිය පිතිකරුවන් මනා ලෙස පාලනය කළ එස්. එස්. සී. පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු දිලුම් තිලකරත්න පන්දුවාර 8 කදී ලකුණු 27 ක් පමණක් ලබා දී කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව චමිඳු වික්‍රමසිංහ ලකුණු 7 කට කඩුලු 2 ක් සහ කලන පෙරේරා සහ හිමේෂ් රාමනායක එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

එස්. එස්. සී. පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩා සමාජයේ තමිඳු වික්‍රමාරච්චි සහ මිතිර තෙනුර පමණක් ලලකුණු 22 ක බැගින් වාර්තා කළහ.

ලකුණු හඹා යෑමේදී ඉනිම ආරම්භ කළ නිපුන් ධනංජය සහ සොහාන් ඩි ලිවේරා පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් 18 වැනි පන්දුවාරය අවසාන වත්ම කඩුලු 10 ක ජයග්‍රහණයක් කරා එස්. එස්. සී. පිල රැගෙන ගියහ. එහිදී කැපී පෙනුණු නිපුන් ධනංජය පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 50 ක් රැස් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඩි ලිවේරා පන්දු 56 කදී ලකුණු 37 ක් රැස් කළේය.

බදුරලිය පන්දුවාර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 93 යි – (මිතිර තේනුර 22, මාලින්ද ජයෝද් 13, තමිඳු වික්‍රමාරච්චි 22, දිලුම් තිලකරත්න 27/5, චතමිඳු වික්‍රමසිංහ 07/2, කලන පෙරේරා 18/1, හිමේෂ් රාමනායක 08/1)

එස්.එස්.සී. පන්දුවාර 18 කදී කිසිවකු නොදැවී ලකුණු 95 යි – (නිපුන් ධනංජය 50*, සොහාන් ඩි ලිවේරා 37*)

කෝල්ට්ස් – ලන්කන්

පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කරට කර සටනකින් අනතුරුව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ලන්කන් ක්‍රීඩා සමාජය සමත්විය. ලකුණු 190 ක් හඹා ගිය ලන්කන්ස් පිල 48 වැනි පස්වැනි පන්දුවෙන් ජයග්‍රහණය සනාථ කර ගන්නා විට කඩුලු 7 ක් කණ්ඩායමට අහිමිව තිබුණි.

එම හඹා යෑමේදී පෙරමුණ ගත් නායක දමිත් සිල්වා ලකුණු 41 ක් රැස් කළේය. පන්දු 68 කදී වාර්තා වුණු එම ඉවසිලිවන්ත ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් පි වෙනුවෙන් ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු 80 කදී වාර්තා වුණු එම ඉනිම සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 4 ක් එල්ල කර තිබුණි. ඔහුට අමතරව විශාද් රන්දික ලකුණු 38 ක් ලබා ගත්තේය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 43.1 කදී ලකුණු 189 යි – (ධනංජය ලක්ෂාන් 55, විෂාද් රන්දික 38, හේෂාන් දනුෂ්ක 21, සංතුෂ් ගුණතිලක 17, ආමන්ත ගුණරත්න 13, යසිරු රුඳ්‍රගු 49/4, ළහිරු ඩිල්ෂාන් 14/3? දුනිත් වෙල්ලාලගේ 32/2)

ලන්කන් ක්‍රීඩා සමාජය පන්දුවාර 47.5 කදී කඩුලු 7 ට ලකුණු 190 යි – (විශ්ව චතුරංග 33, කෙවින් පෙරේරා 14, කසුන් අබේරත්න 26, දමිත් සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ 22, මෙත්සිත් ජයමාන්න 26, ආමන්ත ගුණරත්න 42/3, රොහාන් සංජය 27/2, නිපුන් රන්සික 19/1, ධනංජය ලක්ෂාන් 33/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee