slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2021
එස්.එස්.සී. පැරදවූ ලන්කන් ක්‍රීඩකයෝ 23 න් පහළ එක්දින ශූරයෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (28 දා) පැවැති අවසන් මහ තරගයේදී ජය වාර්තා කළ ලන්කන් ක්‍රිකට් සමාජය එක්දින ශූරයින් ලෙසින් කිරුළු පැළඳීය. කොළඹ එස්. එස්. සී. පිලට එරෙහිව ඔවුන්ගේම පිටියේ පැවැති තරගයේදී ලකුණු 59 ක ජයක් වාර්තා කරමින් එම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමට ලන්කන් ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ සමත්වූහ.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 49.2 කී සියළු දෙනා දැවී ලකුණු 223 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කොළඹ එස්. එස්.සී. පිලට පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි.

සිය ක්‍රීඩා සමාජ පිටියේදීම ජයග්‍රහණය අවහිර කළ ලන්කන් පන්දු යවන්නන් අතරින් දුනිත් වෙල්ලාලගේ කැපී පෙනුණු අතර ඔහු ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තේය. පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ දුනිත් ඒ අතර තුර නිලකුණු පන්දුවාරයක්ද යැවීම කැපී පෙනුණි. ඔහුට අමතරව සදුන් සත්සර, යසිරු රොද්‍රිගෝ සහ සවන් කන්කානන්ගේ කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

බදුරලියට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයට අවතීර්ණ වුවද එම තරගයේදී නොදැවී ලකුණු රැස් කළ නිපුන් ධනංජය ලකුණු 38 කටත් සොහාන් ඩි ලිවේරා ලකුණු 11 කටත් දවා ගනිමින් සත්කාරකයින්ට පීඩනය යොමු කිරීමට ලන්කන් පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් මැද පෙළින් පන්දුවට පහර දුන් නායක සම්මු අශාන් අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යෑමට දැඩි උත්සාහයක් ගත්තද ක්‍රිෂාන් සංජුල (31) හැරුණු කොට සෙසි පිතිකරුවන්ගේ දායකත්වය ඒ සඳහා නොලැබිණ. ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් සම්මු දැවී යන විට පන්දු 65 කට මුහුණ දෙමින් තම ඉනිම හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය.

ජයග්‍රාහී ලන්කන් පිල වෙනුවෙන් කඩුලු රැකි කසුන් අබේරත්න පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 51 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව නායක දමිත් සිල්වා ලකුණු 30 ක් සහ කෙවින් පෙරේරා ලකුණු 40 ක් වශයෙන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය දැක්වූහ. පන්දු යැවීමේදී දිලුම් තිලකරත්න සහ ශම්මු අශාන් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී කලන පෙරේරා කඩුලු 2 ක් බිඳ හෙළීය.

අවසන් තරගයේ වීරයා – කසුන් අබේරත්න

ලන්කන් ක්‍රිකට් පිල පන්දුවාර 49.2 කදී ලකුණු 223 යි – (කසුන් අබේරත්න 51, කෙවින් පෙරේරා 40, දමිත් සිල්වා 30, ළහිරු ඩිල්ෂාන් 22, සවන් කන්කාන්ගේ 22, උමේෂ් ලක්ෂාන් 21, විශ්ව චතුරංග 14, යසිරු රොඳ්‍රිගු 11, දිලුම් තිලකරත්න 35/3, සම්මු අශාන් 31/3, කලන පෙරේරා 50/2, චමිඳු වික්‍රමසිංහ 36/1, කවිඳු නදීශාන් 30/1) 

එස්. එස්. සී. පන්දුවාර 44.3 කදී ලකුණු 164 යි – (සම්මු අශාන් 50, නිපුන් ධනංජය 38, ක්‍රිෂාන් සංජුල 31, චමිඳු වික්‍රමසිංහ 15, සොහාන් ඩි ලිවේරා 11, දුනිත් වෙල්ලාලගේ 29/3, සදුන් සත්සර 29/2, සවන් කන්කානගේ 09/2, යසිරු රොද්‍රගු 23/2, ළහිරු ඩිල්ෂාන් 38/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee