slc
Home   |    News
මාර්තු 31, 2021
ඉනෝකා සහ අමාදි කැපී පෙනෙන දක්ෂතා දක්වති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ තරගාවලියේ සඳුදා (29) පැවැති තවත් තරග 4කදී නාවික හමුදාව, ගුවන් හමුදාව “ඒ”, යුද හමුදාව “ඒ” සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ.

නාවික හමුදාව සහ ගුවන් හමුදා “බී” තරගයේදී නාවික හමුදාවේ ඉනෝකා රණවීර ලකුණු 18කට කඩුලු 6ක් දවාලීමෙන් ගුවන් හමුදා බී ඉනිම ලකුණු 48කට සීමාවිණි. නාවික හමුදාව කඩුලු දෙකකට ලකුණු 49ක් රැස්කර මේ තරගයෙන් ජය ලැබුවේ කඩුලු අටකිනි.

ගුවන් හමුදා “ඒ” සහ හලාවත මේරියන්ස් තරගයෙන්ද ගුවන් හමුදා “ඒ” කඩුලු දෙකකට ලකුණු 150ක් රැස්කරමින් ජයගත්තේ කඩුලු අටකිනි. පරාජිත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු නැවත වරක් දස්කම් දක්වමින් ලකුණු 99ක් ලැබූවාය. චමරි මීට පෙර තරග දෙකේදීම ශතකයක් සහ ලකුණු 96ක් ලබා පන්දුවට පහර දීමේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූවාය.

ගුවන් හමුදා ‘බී’ පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 18 කට කඩුලු 6 ක් දවා ගත් නාවික හමුදා පිලේ ඉනෝකා රණවීර

සීනිගම කණ්ඩායම මෙදින මීට පෙර තරගවලට වඩා දස්කම් පාමින් ලකුණු 105ක් ලැබීය. කෙසේවුවද ප්‍රබල යුද හමුදා ඒ කණ්ඩායමට මේ තරගයෙන් කඩුලු හතරක ජයක් අත්විය.

කෝල්ට්ස් කණ්ඩායමේ අමාදි විජේසිංහ ලකුණු 58ක් රැස්කර පසුව පන්දු යැවීමේදී ලකුණු 24කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දැක්වූ දක්ෂතා මත ඔවුනට මේ තරගයෙන් ලකුණු 37ක ජය ලැබීමට අවස්ථාව උදාවිණි.

නාවික හමුදාව  – ගුවන් හමුදාව “බී”

නාවික හමුදාවට කඩුලු 8ක ජය.

නාවික හමුදාවේ ඉනෝකා රණවීර ලකුණු 18කට කඩුලු 6ක්ම දවාලීම මත ගුවන් හමුදා “බී” ඉනීම ලකුණු 48ක් වැනි අඩු සංඛ්‍යාවකට සීමා විණි.පසුව නාවික හමුදාවේ ආරම්භක පිතිකාරිනිය සත්‍යා සංදීපනී  නොදැවී ලකුණු 22ක් ලබා තරගය ඉක්මනින්ම නිම කිරීමට මුල් වූවාය. නාවික හමුදාව මේ තරගය ජය ගත්තේ පන්දුවාර 35.2ක්ම  ඉතිරිව තිබියදීය

ගුවන් හමුදාව “බී” පන්දුවාර 31කදී සියල්ල දැවී 48 යි – (චතුරානී ගුණවර්ධන 09, රුවනි වත්සලා  08, ඉනෝකා රණවීර 18/6)

නාවික හමුදාව පන්දුවාර 14.4කදී කඩුලු 2ක් දැවී 49 යි – (සත්‍යා සංදීපනී නොදැවී 22, හර්ෂිතා සමර වික්‍රම 11, ලංකා මෙන්ඩිස් 8/1, සකුනි විජේසිංහ 17/1)

යුධ හමුදාව “ඒ” – හලාවත මේරියන්ස්

යුධ හමුදා“ඒ” කඩුලු 8කින් ජයගනී.

මේරියන්ස් කඩුලු 9කට ලබා ගත් ලකුණු 149 හඹා යද්දීයුධ හමුදා “ඒ ”  කණ්ඩායමේ යශෝධා මෙන්ඩිස් (නොදැවී ලකුණු 67 යි පන්දු 91 හතරේ පහයි හයේ එකයි ) සහ ඔෂාෂි රණසිංහ (නොදැවී 56යි පන්දු 66 හතරේ 6යි ) තෙවන කඩුල්ලට පන්දුවාර 18.5කදී නොදැවී ලකුණු 74ක් රැස් කරමින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියේ පන්දුවාර  18 ක්ම ඉතිරිව තිබියදීය.

මීට පෙර තරග දෙකේදී ශතකයක් හා ලකුණු 96ක් ලබා සිටි මේරියන්ස් නායිකාව චමරි අතපත්තු මෙවරද හුදකලා සටනක නිරත වෙමින් පන්දු 72කදී හතරේ 13ක් සහ හයේ හතරක් සමග ලකුණු 99ක් ලබා ශතකය පෙනී පෙනී දැවී ගියාය.

හලාවත මේරියන්ස් පන්දුවාර 50දී කඩුලු 9ට 149 යි (චමරි අතපත්තු 99,ශිකාරී ද සිල්වා 14,සඳුනි නිසංසලා 9,ඉනෝකා ප්‍රනාන්දු 21/4,මල්ෂා ශෙහානි 21/2)

ගුවන් හමුදාව “ඒ” පන්දුවාර 32කදී කඩුලු 2ට 150 යි – ( යශෝධා මෙන්ඩිස් නොදැවී 67,ඔෂාෂි රණසිංහ නොදැවී 56,චමරි අතපත්තු 23/2)

සීනීගම – යුධ හමුදා “ඒ”

යුධ හමුදා “ඒ” කඩුලු 4කින් ජයගනියි

යුධ හමුදා “ඒ”  කණ්ඩායමේ සුගන්දිකා කුමාරි ලකුණු 10කට කඩුලු 3ක් දවා පසුව නොදැවී ලකුණු 12ක් ලබමින් මේ තරගයේදී තුන් ඉරියව්වේම දස්කම් පෑවාය.

යුධ හමුදා කණ්ඩායමේ අනුෂ්කා සංජීවනී ලකුණු 39ක්ද සීනිගම කණ්ඩායමේ විශ්මි රාජපක්ෂ ලකුණු 40ක්ද රැස්කර පිත්තෙන් දස්කම් පෙන්වූහ.

සීනිගම පන්දුවාර 47.3කදී ලකුණු 105 යි. – (විශ්මි රාජපක්ෂ 40, ඉමේෂා දූලානී 30, පියුමි වත්සලා 13, යුගන්ධිකා කුමාරි 10/3 යි, නිලක්ෂි ද සිල්වා 13/2, ගනේෂා චමරි 16/4යි)

යුද හමුදා “ඒ” පන්දු වාර 33.2කදී කඩුලු 6ට 109යි – (අනුෂ්කා සංජීවනී 39, ක්‍රිෂාන්ති සදමාලි 12, මධුෂිකා මෙත්තානන්ද 12, සුගන්ධිකා කුමාරි නොදැවී 12, සුලේෂා සත්සරණි 31/2යි, කවිෂා දිල්හාරි 38/2යි)

කෝල්ට්ස් – යුද හමුදා “බී”

කෝල්ට්ස් ලකුණු 37කින් ජයගනියි

කෝල්ට්ස් කණ්ඩායමේ අමාදි විජේසිංහ පන්දු 98කදී හතරේ පහක් සමඟ ලකුණු 58ක් ලබා තම කණ්ඩායමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට දායක වීමෙන් පසු අමාදි විජේසිංහ, මල්කි මදාරි සහ නිමාෂා මධුෂානි යන කෝල්ට්ස් පන්දු යවන්නියන් දක්ෂ ලෙස පන්දු යැවීමෙන් ඔවුනට ලකුණු 37ක ජයග්‍රහණයක් අත්විය.

කෝල්ට්ස් පන්දු වාර 45කදී කඩුලු 9ට 132යි – (අමාදි විජේසිංහ 58, ගයනි සිල්වා 21, සඳලි වීරසිංහ 20, නිලංගිකා ද සිල්වා  15/4යි, මදාරා සමරකෝන් 33/2යි)

යුද හමුදාව “බී” පන්දු වාර 39.1කදි සියල්ල දැවී 95යි – (සකුන්තලා ද සිල්වා 27, අයේෂා සඳමාලි 16, රෝෂිණි පෙරේරා 24, අමාලි විජේසිංහ 24/3යි, මල්කි මදාරා 25/2යි, නිමාෂා මදුෂානි 16/2යි)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest