By Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ආරම්භ වුණු අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරග පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූහ. ඒ අතරින් කැපී පෙනුණු එස්. එස්. සී. නායක චරිත් අසලංක නොදැවී ලකුණු 178 ක් ලබමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති එම තරගයේදී පන්දු 145 ක් වැය කළ වමතින් පන්දුවට පහර දෙන අසලංක සිය ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් සමන්විත විය. ඔහුට අමතරව හලාවත මේරියන්ස් පිලේ කසුන් අධිකාරි නොදැවී ලකුණු 107 ක්, රාගම ක්‍රීඩා සමාජයේ ඉෂාන් ජයරත්න නොදැවී ලකුණු 105 ක් සහ එන්. සී. සී. කණ්ඩායමේ හසිත බෝයගොඩ ලකුණු 101 ක් වශයෙන් ශතක වාර්තා කළහ.
ඊට අමතරව පැවැති තරග වලදී පිතිකරුවන් 26 දෙනෙකු අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යවන්නන් අතුරින් කඩුලු 5 කට වැඩියෙන් දවා ගැනීමට පන්දු යවන්නන් තිදෙනකු සමත් වූ අතර බී.ආර්. සී. පිලේ මොහොමඩ් ශිරාස් (34/5), බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ උස්මාන් ඉෂාක් (37/5) සහ සැරසන්ස් කණ්ඩායමේ චමින්ද බණ්ඩාර (39/5) එම පන්දු යවන්නෝ වූහ.
එස්.එස්.සී. – පොලිස්
එස්.එස්.සී. ට ලකුණු 31 ක ජයක්
එස්.එස්.සී. පිටියේ පැවැති මෙම තරගයේදී මුළුමනින්ම තමන්ගේ සංදර්ශනයක් කරගත් එස්. එස්. සී. නායක චරිත් අසලංක නොදැවී ලකුණු 178 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා පෙරමුණ ගත්තේය. පන්දු 145 කින් සමන්විත වුණු අසලංකගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් වර්ණවත්විය. ඔහුට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සම්මු අශාන් පන්දු 23 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 51 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කඩුලු 6 ක් ලකුණු 176 කට බිඳ වැටී තිබියදී පිටියට පිවිසි සුපුන් මදුශංක පන්දු 48 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් වේගවත් ලකුණු 89 ක් ලබා තරගයට කිසියම් ජීවයක් ගෙන දුන්නේය. කෙසේ වෙතත් අයහපත් ආලෝකය මත තරගය 48 වැනි පන්දුවාරයේදී නවතා දමන විට පොලිස් කණ්ඩායම ලකුණු 31 ක් පසුපසින් සිටියේය.
එස්. එස්. සී. පන්දුවාර 50 කදී කඩුලු 4 කට ලකුණු 339 යි – (චරිත් අසලංක 178*, නුවනිඳු ප්‍රනාන්දු 41, සම්මු අශාන් 51, අවිෂ්ක ප්‍රනාන්දු 45, මංජුල ජයවර්ධන 62/2, සුජාන් මහුර 64/2)
පොලිස් පන්දුවාර 48 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 295 යි – (සුපුන් මදුශංක 89, සමන් කුමාර 31, අසේල් සිගේරා 75, ලක්ෂාන් රොද්‍රගෝ 39, ෂෙහාන් ප්‍රනාන්දු 20, සුජාන් මයුර 10, ප්‍රභාත් ජයසූරිය 42/3, තරිඳු රත්නායක 64/2, හිමේෂ් රාමනායක 76/2, ජෙෆ්රි වැන්ඩර්සි 42/2)
කෝල්ට්ස් – මුවර්ස්
කෝල්ට් ලකුණු 74 ක ජයක්
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉනිම ඇරැඹි ධනංජය ලක්ෂාන් පිත්තෙන් ලකුණු 41 ක් සහ පන්දු යවමින් ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගනිමින් කෝල්ට්ස් ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීය. ඔහුට අමතරව ජෙහාන් ඩැනියෙල් ලකුණු 79 ක් සහ හර්ෂ රාජපක්ෂ ලකුණු 50 ක් වාර්තා කරමින් කෝල්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි සහයෝගයක් ලබා දුන්හ. ලකුණු හඹා යෑමේදී මහේල උඩ වත්ත ලකුණු 63 ක් සහ අදීෂ තිලංචන ලකුණු 55 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගේ දායකත්වය අහිහිවීම මත තරගය පරාජයට පත්විය.
කෝල්ට්ස් පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 263 යි – (ජෙහාන් ඩැනියල් 79, ධනංජය ලක්ෂාන් 41, සංගීත් කුරේ 20, හේෂාන් ධනුෂ්ක 16, හර්ෂ රාජපක්ෂ 50, කවිෂ්ක අංජුල 29, රොහාන් සංජය 12, දිලේෂ් ගුණරත්න 44/3, සචිත්ර සේරසිංහ 45/3)
මුවර්ස් පන්දුවාර 40.3 කදී සියලුදෙනා දැවී ලකුණු 176 යි – (මහේල උඩවත්ත 63, කවිඳු කුලසේකර 12, අදීෂ තිලංචන 55, මොහොමඩ් ශමාස් 10, පබසර වඩුගේ 11, සංගීත් කුරේ 39/3, ධනංජය ලක්ෂාන් 38/2)
කුරුණෑගල – සැරසන්ස්
කුරුණෑගල තරුණ පිලට ලකුණු 6 ක ජයක්
ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට මත පදනම් වුණු මෙම තරගයේදී සැරසන්ස් පිලේ චමින්ද බණ්ඩාර ලකුණු 39 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 47 ක තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී බණ්ඩරගේ පන්දු යැවීම හේතුවෙන් කුරුණෑගල පිල කඩුලු 8 කදී ලකුණු 180 සීමාව නතර කිරීමට සැරසන්ස් පිලට හැකියාව ලැබිණ. එහෙත් ලකුණු හඹා යෑමේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේගය රඳවා ගැනීමටය සැරසන්ස් පිතිකරුවන් අසමත්වීම නිසා තරගයෙන් ලකුණු 6 ක පරාජයක් කුරුණෑගල හමුවේ අත්විඳීමට සැරසන්ස් පිලට සිදුවිය.
කුරුණෑගල තරුණ පන්දුවාර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 180 යි – (මුදිත ප්‍රේමදාස 21, ඩිල්ෂාන් කොලුරේ 24, රවීන්ද්‍ර කරුණාරත්න 25, රන්ධීර රණසිංහ 19, ළහිරු ජයරත්න 29, සංජීව ප්‍රියදර්ශන 23, චමින්ද බණ්ඩාර 39/5, ආකාෂ් සේනාරත්න 18/2, මුදිත ලක්ෂාන් 47/2)
සැරසන්ස් පන්දුවාර 41 කදී කඩුලු 7 කට ලකුණු 148 යි – ප්‍රමෝද් මදුවන්ත 45, හේෂාන් රාමනායක 40, හෂාන් දුමිඳු 12, සංජය චතුරංග 11*, අයන සිරිවර්ධන 15, නිම්සර ආතරගල්ල 32/3)
මීගමුව – ඒස් කැපිටල්
මීගමුවට ලකුණු 42 ක ජයක්
ඇන්ජලෝ ජයසිංහගේ ලකුණු 77 ක ඉනිම ප්‍රධාන කොට මීගමුව පිල ලකුණු 244 ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඊට පිළිතුරු ලෙස ඒස් කැපිටල් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 40 කදී සියනු දෙනා දැවී ලකුණු 182 ක් පමණි.
මීගමුව පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 224 යි – (ඇන්ජලෝ ජයසිංහ 77, ළහිරු මිලලන්ත 63, පසිඳු ලක්ෂංක 30, උපුල් ඉන්ද්‍රසිරි 13, කවිඳු රිද්මාල් 48/4, රජීව වීරසිංහ 46/3)
ඒස් කැපිටල් පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (ඉරෝෂ් සමරසූරිය 67, ඉෂාන් රංගන 26, ප්‍රශාන් වික්‍රමසිංහ 21, චානක කොමසාරු 32, නිශාන් පීරිස් 29/3, නිසල තාරක 60/3, රොෂේන් ප්‍රනාන්දු 21/2, උපුල් ඉන්ද්‍රසිරි 42/2)
ටැමිල් යුනියන් – කලුතර නාගරික
ටැමිල් යුනියන් පිලට ලකුණු 134 ක ජයක් (ඩක්වර්ත් ලුවිස්)
සිතාර ගිම්හාන් (62), සධීර සමරවික්‍රම (54) සහ ඩිල්රුවන් පෙරේරා (52*) එක්ව රැස් කරන ලද අර්ධ ශතක හේතුවෙන් පන්දුවාර 49 කට සීමා වුණු තරගයේදී ටැමිල් යුනියන් පිල කඩුලු 7 කට ලකුණු 292 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. එම ලකුණු හඹා යෑමේදී කලුතර නාගරික පිල ලකුණු 126 කට සීමාවිය.
ටැමිල් යුනියන් පන්දුවාර 49 කදී කඩුලු 7 ට ලකුණු 292 යි – (සිතර ගිම්හාන් 62, සධීර සමරවික්‍රම 54, සුපුන් කාවින්ද 33, මනෝජ් සරත්චන්ද්‍ර 22, ඩිල්රුවන් පෙරේරා 52*, ඉසුරු උදාන 21, ශිරාන් ප්‍රනාන්දු 10*, රවිඳු සිල්වා 18, ආර් පුංචිහේවා 72/2)
කලුතර නාගරික පන්දුවාර 37 කදී කඩුලු 8 ට ලකුණු 126 යි – (ගිහාන් රූපසිංහ 21*, නිලංක සඳකැන් 12, ළහිරු හිරන්‍ය 12, භාග්‍ය පලිහවඩන 15, ප්‍රමෝද් මදුශාන් 30/3, මදුක ලියනපතිරණ 24/2)
එන්.සී. සී. – නුගේගොඩ
එන්.සී.සී. පිලට ලකුණු 164 ක ජයක්
පළමු දිනයේදී කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් එන්.සී.සී. පිල රැස් කරන ලද ලකුණු 375 සටහන් විය. නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 ක් පමණක් දැවී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවේදී හසිත බෝයගොඩ ලකුණු 101 කින් දායකත්වයක් දැක්වීය. ඔහුට අමතරව ළහිරු උදාර ලකුණු 64 ක් වාර්තා කළ අතර ඔවුන් දෙපළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වනු ලැබීය. පිළිතුරු ඉනිමේදී නුගේගොඩ පිල ලකුණු 211 කට සීමාවිය.
එන්.සී.සී. පන්දුවාර 50 කදී කඩුලු 5 කට ලකුණු 375 යි – (හසිත බෝයගොඩ 101, ළහිරු උදාර 64, කවීන් බණ්ඩාර 85, ඇන්ජලෝ පෙරේරා 49, චතුරං ග ද සිල්වා 42*, විකුම් සංජය 61/2)
නුගේගොඩ පන්දුවාර 40.3 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි – (මින්හාජ් ජලීල් 28, ප්‍රමුද් හෙට්ටිවත්ත, රරාහුල් ගුණසේකර 32, විකුම් සංජය 20, නවීන් කවිකාර 19*, මාලිංග මාලිගස්පේ 37, ළහිරු කුමාර 18.2, ඇන්ජලෝ පෙරේරා 50/3, චාමික කරුණාරත්න 29/2)
ලන්කන් – රාගම
රාගමට ලකුණු 35 ක ජයක් (ඩක්වර්ත් ලුවිස්)
ඉෂාන් ජයරත්නගේ නොබිඳුණු ලකුණු 105 ක ඉනිම හේතුවෙන් ලකුණු 229 ක ඉලක්කයක් හඹා ගිය රාගම කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් අත්කර ගැනීමට හැකියාව ලැබිණ. පන්දු 72 කින් සමන්විත වුණු ජයරත්නගේ ඉනිම සඳහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ලන්කන් පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 229 යි – (සවන් කන්කානම්ගේ 40, දමිත සිල්වා 35, ගීත් කුමාර 73, විශ්ව චතුරංග 22, කේෂාන් විජේරත්න 36, බිනුර ප්‍රනාන්දු 43/2, අමිල අපෝන්සු 43/2, ජනක සම්පත් 36/2)
රාගම පන්දුවාර 44 කදී කඩුලු 5 ට ලකුණු 222 යි – (ඉෂාන් ජයරත්න 105*, ගිහාන් කෝරලගේ 10, ජනිත් ලියනගේ 60, නිශාන් මදුශ්ක 28, සංජික රිද්ම 39/2)
හලාවත මේරියන්ස් – ගාල්ල
හලාවත මේරියන්ස්ට එක් ලකුණක ජයක්
එක් ලකුණක තියුණු ජයක් හලාවත මෙරියන්ස් පිට අත් වුණු මෙම තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ලැබීය. ලකුණු 242 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 41 කදී ලකුණු 240 කට සීමා කිරීමට මේරියන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.
හලාවත මේරියන්ස් පන්දුවාර 41 කදී කඩුලු 5 කට ලකුනු 241 යි – (කසුන් විදුර 107*, ලසිත් කෘස්පුල්ලේ 54, පුලින තරංග 45, තික්ෂිල ද සිල්වා 13, රවිෂ්ක විජේසිරි 40/2, රජිත් ප්‍රියාන් 44/2)
ගාල්ල පන්දුවාර 41 කදී සියලු දෙනා දැවී ලකුණු 240 යි – (විදුර දුල්සර 32, එරංග රත්නායක 59, රාජු ගයාශාන් 55, රජිත් ප්‍රියාන් 14, කවිඳු එදිරිවීර 12, තික්ෂිල ද සිල්වා 36/3, පුලින තරංග 49/2)
පානදුර – නාවික හමුදාව
නාවික හමුදාවටලකුණු 35 ක ජයක් (ඩක්වර්ත් ලුවිස්)
පානදුර පන්දුවාර 47.2 කදී ලකුණු 220 යි – (කොෂාන් ධනුෂ්ක 41, චරිත් ජයම්පති 18*, නිමේෂ් විමුක්ති 38, අරුණ ධර්මසේන 25, හාන්ස් ප්‍රනාන්දු 22, හෂාන් චාමර 22, නිමන්ත පීරිස් 23, චමෝද් බත්තගේ 55/3, බුද්ධික මදුශංන් 34/3, පසිඳු මදුශංන් 40/3)
නාවික හමුදාව පන්දුවාර 28 කදී කඩුලු 4 ට ලකුණු 154 යි – (බුද්ධික මදුශාන් 45, අරවින්ද අකුරුගොඩ 63, තුෂාර සමරකෝන් 14, තරූෂ ඉද්දමල්ගොඩ 15*, නිමේෂ් විමුක්ති 38/2)
බ්ලූම්ෆීල්ඩ් – සී.සී.සී.
බ්ලූම්ෆීල්ඩ් ට ලකුණු 78 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 274 යි – (හර්ෂ විතාන 79, සචින් ජයවර්ධන 62, මිෂේන් සිල්වා 44, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 19, දේශාන් ප්‍රනාන්දු 14*, කසුන් ඒකනායක 16, නිපුන් හග්ගල්ල 15, මාලින්ද පුෂ්පකුමාර 52/3)
සී.සී.සී. පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී ලකුණු 196 යි – (චමිඳු විජේසිංහ 48*, මාලින්ද පුෂ්පකුමාර 29, ළහිරු ගමගේ 10, පවන්ත වීරසිංහ 27, පවන් රත්නායක 22, සොනාල් දිනූෂ 15, රොන් චන්ද්‍රගුප්ත 17, උස්මාන් ඉෂාක් 37/5, ඉයන් ඩැනියෙල් 43/2)
යුද හමුදාව – බදුරලිය
විසඳුමක් නෑ
යුද හමුදාව පන්දුවාර 209 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (තිසර පෙරේරා 68*, හිමාෂ ලියනගේ 19, තුලින දිල්ශාන් 19, බුද්ධික සංජීව 38/2, අලංකාර අසංක 29/2, ගමිඳු කනිෂ්ක 36/2)
බදුලිය පන්දුවාර 18.3 කදී කඩුලු 3 ට ලකුණු 99 යි – (සඳුන් වීරක්කොඩි 70, ඩිල්ෂාන් ද සොයිසා 15*, සුමින්ද ලක්ෂාන් 14/2)
බී.ආර්.සී. – ගුවන් හමුදාව
බී.ආර්.සී. ට ලකුණු 36 ක යක්
අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් පැවැති මෙම තරගයේදී මුලින් පන්දුවට පහර දුන් බී.ආර්.සී. කණ්ඩායම ගුවන් හමුදා පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වුයේ ලකුණු 112 ක් පමණකි. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ගුවන් හමුදා පිලේ කඩුලු 5 ක් ලකුණු 34 ක් ඇතුළත දවා ගත් මොහොමඩ් ශිරාස් බී. ආර්. සී. පිලට ජයග්‍රහණය සඳහා මූලිකත්වය ගත්තේය. අවසානයේ ගුවන් හමුදා පිල පන්දුවාර 23.5 කදී සියලුදෙනා ලකුණු 76 කට සීමා විය.
බී.ආර්.සී. පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 112 යි – (රමින්ද විජේසූරිය 35, උමේෂ්ක මොරායිස් 10, භානුක රාජපක්ෂ 11, අනුක් ද අල්විස් 33/3)
ගුවන් හමුදාව පන්දුවාර 23.5 කදී සියලු දෙනා දැවී ලකුණු 76 යි – (සඳරුවන් චින්තක 11, ලසඳ රුක්මාල් 11, දිනිත සිරිවර්ධන 14, මොහොමඩ් ශිරාස් 34/5, උමෙෂ්ක මොරායස් 08/2)