slc
Home   |    News
මාර්තු 18, 2021
යාපනයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගැටළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විසඳුම්

Sri Lanka Cricket

18-03-2021

ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක් යාපනය ප්‍රදේශය තුළට මහත් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් යාපනයේ මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. 

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩපිළිවෙළ යටතේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීමට සමගාමීව යාපනයේ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතුව සිටින කාන්තා සහ පිරිමි ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් උපකරණ කට්ටල තොගයක්ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

යාපනය ප්‍රදේශයේ විසූ ප්‍රකට දානපතියකු මෙන්ම සමාජ සේවකයකු වන නැසී ගිය ශ්‍රී බාස්කරන් මහතාට අයත් භූමිභායක ඉදිකර තිබෙන මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් යාපනය දිස්ත්‍රික්කයේ ලේකම් කනවතී පිල්ලෙයි මහසෙන් මහතා සහභාගිවීය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යාපෘති සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සිවාසිරි, 51 වැනි සේනාංක සේනාධිංකාධිපති මේජර් ජනරාල් කේ. පී. එස්. ප්‍රේමලාල්, බ්‍රිගේඩියටර් ඒ. එස්. එම්. ෆාරිස්, යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති අමලදාස් සෙරේනස් නිශාන්තන් සහ එම සංගමයේ ලේකම් කාසිනාදන් සසිකරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහභාගිවූහ. ඊට අමතරව ශ්‍රී බාස්කරන් පදනම වෙනුවෙන් ඒ මහතාගේ භාර්යාව වන ශ්‍රී බාස්කරන් මැතිණියද සහභාගිවී සිටියාය.

අදියර කීපයක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන මෙම ක්‍රීඩාංගණයේ මූලික අදියර යටතේ මැටි තණතීරුවට අමතරව පැති පුහුණු තණතීරු 2 ක්, කාර්යාල පරිශ්‍රයක් සහ ක්‍රීඩාගාරයක් විවෘත කරනු ලැබීය. මෙහි දෙවැනි අදියර වශයෙන් තණතීරු එළිම සිදු කෙරෙන අතර එහිදී ක්‍රීඩාංගණයේ කාණු පද්ධතිය, කායවර්ධන මධ්‍යස්ථානයක්, ලකුණු පුවරුවක්, දර්ශන තිර, ක්‍රීඩක විවේකාගාරය, ප්‍රේක්ෂකාගාර මෙන්ම ගෘහස්ථ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදුකිරීම මෙන්ම නඩත්තු උපකරණ ලබා දීමට නියමිතය.

මල්ලාකම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාලන කටයුතු සියල්ල යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සිදුකරනු ලබන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 26 ක් සහ පාසල් 16 කට මෙම ක්‍රීඩාංගණය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

REF: 04/21

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest