slc
Home   |    News
මාර්තු 17, 2021
රිදී ජුබිලියේ මතක සැමරුම

Sri Lanka Cricket

අද මාර්තු 17 වැනිදා, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා සුවිශේෂී දිනයකි. ඒ ඇයිද යත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ‘රන් අකුරින්’ ලියැවුණු 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා හරියටම අද දිනට හරියටම වසර 25 ක් සම්පූර්ණ වීම නිසාය. අර්ජුන රණතුංග ඇතුළු පිරිවර 1996 වසරේ මාර්තු මසදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හැරවුම් ලක්ෂය බවට පත්වූ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ 6 වැනි තරගාවලිය හෙවත් විල්ස් ලෝක කුසලාන ශ්‍රී ලංකාව අප දිනා ගත්තේ අද වැනි දිනකදීය.


ක්‍රිකට් උපන් එංගලන්තයට පවා ඒ වන විට ලෝක කුසලානයනක් දිනා ගත නොහැකි වුණු පසුබිමක අප අත්පත් කරගන්නා ලද ඒ සුවිශේෂී ජයග්‍රහණය මෙරටට මහ මෙරකි. ක්‍රිකට් ලොව පතාකයන් වූ මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුතු ඔසට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා දුන් ලකුණු 242 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ග්ලෙන් මැක්ග්‍රාත් විසින් යවන ලද පන්දුව අර්ජුන රණතුංගයන් විසින් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාවට යවමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ඒ සුවිශේෂී ජයග්‍රහණය එදා වාර්තා කළේය.


එබැවින් එම වර්ෂය, මාසය සහ දිනය අප හදවත්වලින් කිසිදාක අමතක නොවනු ඇත. මෙතරම් කලක් ගත වුණද එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ සිංහ කැළ ලබාගත් ඒ සුවිශේෂී ජයග්‍රහණයේ වටිනාකමේ නම් තවමත් අඩුවක් වී නැත. මෙරට ක්‍රිකට් වංශ කතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කළ, එසේත් නැතිනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරන ලද ඒ අසිරිමත් ජයග්‍රහණය නැවත සිහිපත් කර ලීම වෙනුවෙන් සහ එම ජයග්‍රහණයට උරදුන් කණ්ඩායමේ සාමාජිකයන්, පුහුණු අංශය සහ එවකට පරිපාලනයේ යෙදුණ පිරිසට උපහාරයක්ම වේවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ විධායක කමිටු සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවක පිරිස ප්‍රාර්ථනා කර සිටිමු!

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest