slc
logo
Home   |    News
මාර්තු 25, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳගත් කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ‘ක්‍රිකට් තරු කැට සොයා’ ගවේශණ චාරිකාවක

Sri Lanka Cricket

25-03-2021

ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දක්වන දුවා දරුවන්ගේ දක්ෂතා සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගමින් ගමට යමින් සිදුකරනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩසටහනට සහයෝගය ලබා දීමක් ලෙසින් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් ආරම්භ කොට තිබෙන වැඩසටහන් මාලාවේ පළමු පියවර මෙම මස 19 වැනිදා එම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ 3 කදී ඉතා සාර්ථකව පවත්වනු ලැබීය.

එම වැඩසටහන් මාලාවේ පළමුවැන්න නාර්තුපාන සහ ඒ අවට ප්‍රදේශයන්හි වතුකරයේ වෙසෙන ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වන ලද අතර දෙවැන්න මග්ගොන ශාන්ත මරියා විදුහල් සහ තෙවැන්න දර්ගා නගරය ආසන්නයේ ඇති ඥාණිස්සර විදුහල් පරිශ්‍රයන්හිදී සිදුකරනු ලැබීය.

නාර්තුපාන ප්‍රදේශයේ පැවැති වැඩසටහනේදී දක්ෂයින් හඳුනා ගැනීම වෙනුවෙන් වූ පුහුණු වැඩසටහනක්ද පැවැත්වුණු අතර එහිදී සැලකිය හැකි මට්ටමේ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ අවස්ථාව පුහුණුකරුවන්ට අවස්ථාව උදාවිය. එසේ සොයා ගනු ලබන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී දිස්ත්‍රික් සංගමය මගින් සංවිධානය කරනු ලබන පුහුණු කඳවුරු වලට යොමු කෙරෙන අතර පසුව තරගවලට සහභාගිවීමේ ඉඩ ප්‍රස්ථා ලබාදෙනු ඇත. එම තරග වලදී දිස්ත්‍රික් මට්ටමට පැමිණීමට තරම් දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතොත් කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මැදිහත්වීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ව රැක බලා ගනිමින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒමට වූ පහසුකම් සපුරා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.

බේරුවල සහ ධර්ගා නගරය යන ස්ථානවලදී පස්වරුවේ පැවැති වැඩසටහන් වෙන් වූයේ මෙම වසර අවසානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බාලිකාවන්ට වෙන්වූ වයස අවුරුදු 19 න් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් වූ දක්ෂතා සහිත ක්‍රීඩිකාවන් සොයා යන වැඩසටනකටය. මේ සඳහා ශාන්ත මරියා විදුහ‍ලේ දැරියන්ට අමතරව පයාගල සමුද්‍රාදේවී විදුහල සහ බණ්ඩාරනායක විදුහල්වල දැරියන්ද සහභාගිවූහ.

එම වැඩමුළුවේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමේ ඇති වැදගත්කම පිළිබඳව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න මහත්මිය විසින් දේශනයක් සිදුකරන ලද අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත බාළිකා ක්‍රීඩිකාවන්ට හිමිවන ආරක්ෂාව පිළිබඳව ප්‍රධාන වශයෙන් දැනුවත් කරනු ලැබීය. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙසින් හිටපු ටෙස්ට් නායිකාවක වූ ශෂිකලා සිරිවර්ධන සිය ජීවිතය ජයගත් ආකාරය පිළිබඳව නිර්මාණය කරන ලද උත්පේරණ වීඩියෝවක්ද ප්‍රදර්ශනය කෙරිණ.

කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වන ප්‍රසන්න අමරසේකර මහතා මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඒ මහතාට අමතරව හිටපු ටෙස්ට් නායකයකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ විශේෂඥ පිතිකරණ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් මෙහෙයුම් හා සංවර්ධන උපදේශක ලුතිනන් කර්නල් මනූජ කාරියප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවර්ධන කේන්ද්‍රයේ ප්‍රධාන උපදේශක සහ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම්  අනුර වීරසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් හි කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරිණී ඉන්ද්‍රානි ආරියරත්න, කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්රන් අබේසේකර සහ කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ පුහුණු කමිටුවේ සභාපති තිස්ස සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

REF: 05/21

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee