slc
Home   |    News
මාර්තු 15, 2021
සී.සී.සී – එන්.සී.සී. මූලික වටයේදී විශේෂ දක්ෂතා පෙන්වති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2020-21 අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය නිමවන විට සී.සී.සී (“ඒ” කොටස) එන්.සී.සී (“බී” කොටස) එස්.එස්.සී (“සී” කොටස) සහ ශ්‍රී ලංකා යුද හමුදාව (“ඩී” කොටස) තමන් අයත් කොටස් (Group) වලින් පෙරමුණ ගෙන සිටියහ.

මූලික වටය මාර්තු 4 වැනිදා ආරම්භවී මාර්තු 14 නිමාවට පත්විය. එතෙක් පැවැති තරග අතුරින් සි.සී.සී තරග හයකට සහභාගිවී සියලුම තරගත් එන්.සී.සී තරග පහකට සහභාගිවී එම තරග පහමත් ජයගත්තේ පහසු ආකාරයෙනි. “සී” කොටසේ පෙරමුණ ගෙන සිටින එස්.එස්.සී ඔවුන් සහභාගිවූ තරග පහෙන් හතරක් ජයගෙන තරගයක් පරාජය වූ අතර “ඩී” කොටසේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා යුද හමුදාවද ඔවුන් සහභාගි වූ තරග හයෙන් පහක්ම ජයගෙන තරගයක් පමණක් පරාජය වී සිටී.

තරග පැවැති “ඒ”, “බී”, “සී”, සහ ඩී කොටස් හතරේ දෙවන ස්ථාන පිළිවෙලින් හිමිකරගෙන සිටින්නේ නිගම්බු, කෝල්ට්ස්,කුරුණෑගල යූත් සහ ටැමිල් යූනියන් කණ්ඩායම්ය. එක් එක් කොටස්හි සූරයන් හා අනුසූර කණ්ඩායම් අට සහභාගි වන අර්ධ අවසාන පූර්ව තරග හතර 16වැනිදා පැවැත්වීමට නියමිතය. අවසාන පූර්ව තරග දෙක 18 වැනිදාත් අවසාන තරගය 20 වැනිදාත් සංවිධානය වේ.

ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගිවන මෙම තරගාවලියට ඉදිරිපත්වූ කණ්ඩායම් සංඛ්‍යාව 26කි. ක්‍රීඩකයන් රැසකටම මෙහිදී තම දක්ෂතා පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් විණි.

පිට පළාත්හි දක්ෂ ක්‍රීඩකයනට සහ නැගී එන තරුණ ක්‍රීඩකයනට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට යාමට අතහිත දීම මේ තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලික පරමාර්ථයයි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග

මාර්තු 16 – සී. සී. සී. සහ රාගම අතර

එස්.එස්.සී – කෝල්ට්ස් අතර

යුද හමුදාව – මීගමුව අතර

එන්.සී.සී. – කුරුණෑගල තරුණ අතර

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest