slc
logo
Home   |    News
මාර්තු 17, 2021
රිදී ජුබිලියේ මතක සැමරුම

Sri Lanka Cricket

අද මාර්තු 17 වැනිදා, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා සුවිශේෂී දිනයකි. ඒ ඇයිද යත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ‘රන් අකුරින්’ ලියැවුණු 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා හරියටම අද දිනට හරියටම වසර 25 ක් සම්පූර්ණ වීම නිසාය. අර්ජුන රණතුංග ඇතුළු පිරිවර 1996 වසරේ මාර්තු මසදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හැරවුම් ලක්ෂය බවට පත්වූ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ 6 වැනි තරගාවලිය හෙවත් විල්ස් ලෝක කුසලාන ශ්‍රී ලංකාව අප දිනා ගත්තේ අද වැනි දිනකදීය.


ක්‍රිකට් උපන් එංගලන්තයට පවා ඒ වන විට ලෝක කුසලානයනක් දිනා ගත නොහැකි වුණු පසුබිමක අප අත්පත් කරගන්නා ලද ඒ සුවිශේෂී ජයග්‍රහණය මෙරටට මහ මෙරකි. ක්‍රිකට් ලොව පතාකයන් වූ මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුතු ඔසට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා දුන් ලකුණු 242 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ග්ලෙන් මැක්ග්‍රාත් විසින් යවන ලද පන්දුව අර්ජුන රණතුංගයන් විසින් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාවට යවමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ඒ සුවිශේෂී ජයග්‍රහණය එදා වාර්තා කළේය.


එබැවින් එම වර්ෂය, මාසය සහ දිනය අප හදවත්වලින් කිසිදාක අමතක නොවනු ඇත. මෙතරම් කලක් ගත වුණද එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ සිංහ කැළ ලබාගත් ඒ සුවිශේෂී ජයග්‍රහණයේ වටිනාකමේ නම් තවමත් අඩුවක් වී නැත. මෙරට ක්‍රිකට් වංශ කතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කළ, එසේත් නැතිනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරන ලද ඒ අසිරිමත් ජයග්‍රහණය නැවත සිහිපත් කර ලීම වෙනුවෙන් සහ එම ජයග්‍රහණයට උරදුන් කණ්ඩායමේ සාමාජිකයන්, පුහුණු අංශය සහ එවකට පරිපාලනයේ යෙදුණ පිරිසට උපහාරයක්ම වේවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ විධායක කමිටු සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවක පිරිස ප්‍රාර්ථනා කර සිටිමු!

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee