slc
Home   |    News
අප්‍රේල් 19, 2021
ක්‍රීඩකයකුට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විනය පරීක්ෂණයක්

sinhala editor

දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයක් අතරතුරදී ජාතික කණ්ඩායමට සම්බන්ධ ක්‍රීඩකයකු විනය විරෝධී ලෙස හැසිරුණේ යැයි උපුටා දක්වමින් මාධ්‍යවල පළවුණු වාර්තා සම්බන්ධව වලංගු භාවය සොයා බැලීම සදහා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික කණ්ඩායමට ඇතුළත් සියලුම ක්‍රීඩකයින්ගේ සමාජයීය ක්‍රියාකාරකම් සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එහිදී කිසියම් ක්‍රීඩකයකු විනය වයිරෝධී හැසිරීමකට හසුව වරදකරු වුවහොත් දැඩි දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසි විටෙකත් පසුබට නොවන බවට එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ක්‍රීඩකයින්ගේ හැසිරීම් සම්බන්ධව නවතම ආචාර ධර්ම පද්ධතියක් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එය ක්‍රීඩකයින් සමඟ ඉදිරියේදී අත්සන් තැබෙන වාර්ෂික ගිවිසුමේ සිට බලාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් එම නිවේදනය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest