slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2021
කොවිඩ්-19 ට ආධාර පතා ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ මැයි 04 දා ගැටෙති

Sri Lanka Cricket

2021 අප්‍රේල් 29

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන  පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ලබන මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන සියළුම මුදල් කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන වෙනුවෙන් බැර කෙරෙනු ඇත.

1996 වසරේ  ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුළත් ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනු ඇත.

‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින, නැගී එන සහ සංවර්ධන සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ලබන මැයි 04වැනිදා ප.ව. 7.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා ඇත.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

USD United States (US) dollar