slc
Home   |    News
අප්‍රේල් 2, 2021
නාවික හමුදා ක්‍රීඩිකාවෝ එක්දින ශූරියෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ. ලීග් ක්‍රමයට ශූරියන් තේරීම වෙනුවෙන් පැවැති මෙම තරගාවලියේදී යුද හමුදා පිල පරාජයට පත් කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ආරක්ෂා කරගත් නාවික හමුදා  කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරියන් ලෙස කිරුළු පැළඳූහ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ අනුශූරියන් ලෙස කිරුළු පැලඳීය.

නාවික හමුදා ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් කැපී පෙනුණු ශෂිකලා සිරිවර්ධන

කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය දිනය උදාවත්ම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සහ යුද හමුදා අතර තරගයේ ජයග්‍රහණය තීරණාත්මක විය. ඒ අනුව යුදහමුදා කණ්ඩායම කඩුලු 2 ක පරාජයකට ඇද දැමූ නාවික හමුදා ක්‍රීඩිකාවෝ තීරණාත්මක තරයේදී ජය වාර්තා කරමින් අපරාජිතව ශූරතාවයට හිමිකම් කීහ.

වැලිසරදී පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 138 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 48.2 කදී කඩුලු 8 ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.

එම ලකුණු හඹා යෑමේදී පළමු කඩුලු 6 ම ලකුණු 62 ක් ඇතුළත බිඳ වැටීම මත ජයග්‍රහණය අවිනිශ්චිත තත්ත්වයකට පැමිණි නමුත් මැද පෙළින් පැමිණි ශෂිකලා සිරිවර්ධන කණ්ඩායමේ බර කරට ගෙන ක්‍රීඩා කිරීම මත පන්දු 10 ක් ඉතිරිව තිබියදී තරගය ජය ගැනීමට නාවික හමුදාවට අවස්ථාව උදාවිය. මැද පෙළින් පන්දුවට පහර දුන් ශෂිකලා සිරිවර්ධන පන්දු 59 කදී හයේ නොදැවී ලකුණු 43 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් වැඩි මෙහෙයක් ඉටු කළාය. ඇයට අනගි සහායක් ලබා දුන් හර්ෂණී විජේරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දායකත්වය දැක්වූවාය. හර්ෂණී ලකුණු 21 ක් ලබා ගනිද්දී අංක 9 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි උදේශිකා ප්‍රබෝධනී පන්දු 13 කදී ලකුණු 20 ක් රැස් කරමින් නාවික හමුදා පිලේ ජයග්‍රහණය ඉක්මන් කරවීය.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් මදුෂිකා මෙත්තානන්ද පන්දු 61 කදී ලකුණු 37 ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. ඇයට අමතරව සුගන්දිකා කුමාරි ලකුණු 30 ක් සහ නිලුකා කුෂාන්ති ලකුණු 27 ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තාය. ඇයට අමතරව ශෂිකලා සිරිවර්ධනය සහ සත්‍යා සංදීපන් ලකුණු 26 කට කඩුලු 2 බැගින් දවා ගත්හ.

යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 138 යි – (මදුෂිකා මෙත්තානන්ද 37, සුගන්ධිකා කුමාරි 30, නිලුකා කුෂාන්ති 27, ඉනෝකා රණවීර 27/4, ශෂිකලා සිරිවර්ධන 26/2, සත්‍යා සංදීපන් 26/2)

නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 48.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 139 යි – (ශෂිකලා සිරිවර්ධන 43*, සත්‍යා සංදීපන් 13, ප්‍රසාදිනී වීරක්කොඩි 12, හර්ෂණී විජේරත්න 21, උදේශිකා ප්‍රබෝධනී 20*, නිලක්ෂි සිල්වා 20/3, ගනේෂා චමරි 17/2, සුගන්ධිකා කුමාරි 27/2)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest