ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (07 දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදී බදුරලිය, යුද හමුදාව, රාගම සහ එන්. සී. සී. කණ්ඩායම් ජය වාර්තා කරමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.
මූලික වටය යටතේ පැවැති තරගවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වුණු එස්. එස්. සී. කණ්ඩායම යුද හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 17 ක පරාජයක් ලබා අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයෙන් ඉවතට යෑම දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය.
මේ අතර මූලික වටය යටතේ අපරාජිතව අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසක්ම ලද බදුරලිය, යුද හමුදාව, රාගම සහ එන්. සී. සී. කණ්ඩායම් සිය අපරාජිත භාවය තවදුරටත් පවත්වාගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනුණි.
ඒ අනුව අවසන් පූර්ව තරග වලදී බදුරලිය ක්‍රීඩා සමාජය සහ එන්. සී. සී. කණ්ඩායම අතර සී.සී.සී. පිටියේදීත් රාගම ක්‍රීඩා සමාජය සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගය එන්. සී. සී. පිටියේදීත් පැවැත්වෙනු ඇත.
මුවර්ස් – බදුරලිය
බදුරලිය කඩුලු 7 ක ජයක් ලබයි
දිනයේ වාර්තා වුණු පළමු ජයග්‍රහණය බවට පත් වුණු මෙම තරගයේදී මුවර්සි පිල ලකුණු 154 කට සීමා කළ බදුරලිය කණ්ඩායම එම ඉලක්කය කඩුලු 3 ක් දැවී සපුරා ගැනීමට සමත්විය. බදුරලිය පිල වෙනුවෙන් සඳුන් වීරක්කොඩි ලකුණු 70 ක් ලබා කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් කළේය.
මුවර්ස් පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී ලකුණු 154 යි – (ජීවන් මෙන්ඩිස් 38, මොහොමඩ් ශමාස් 31, කවිඳු කුලසේකර 21, සචිත්‍ර සේරසිංහ 13, දිනූක ඩිල්ෂාන් 24, තිලකරත්න සම්පත් 26/4, නිමන්ද මදුශංක 20/2, අලංකාර අසංක 30/2)
බදුරලිය පන්දුවාර 25.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 157 යි – (සඳුන් වීරක්කොඩින 70, මිලින්ද සිරිවර්ධන 34*, ඩිල්ෂාන් ද සොයිසා 16*, තිලකරත්න සම්පත් 12, දුනිත් ජයතුංග 20, සචිත්‍ර සේරසිංහ 57/3)
එස්.එස්.සී. – යුද හමුදාව
යුද හමුදාවට ලකුණු 17 ක ජයක්
ලකුණු 89 කට පළමු කඩුලු 7 ම බිඳ වැටී තිබියදී දැඩි අසරණතාවයට පත්ව සිටි යුද හමුදා කණ්ඩායම ලකුණු 199 ක් වැනි සටනක් දිය හැකි ඉලක්කයක් කරා රැගෙන යෑමේදී තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති රැස් කරන ලද ලකුණු 55 කැපී පෙනුණ. එහිදී සුමින්ද ලක්ෂාන් සමඟ එකතු වුණු විමුක්ති 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සම්බන්ධතාවයක් පවත්වමින් යුද හමුදා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. විමුක්තිට කදිම සහායක් ලබා දුන් සුමින්ද ලක්ෂාන් ලකුණු 41 ක් ලබා ගනිමින් සහයෝගය ලබා දුන්නේය.
යුද හමුදාව පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 198 යි – (දුෂාන් විමුක්ති 55*, සුමින්ද ලක්ෂාන් 31, හේෂාන් හෙට්ටිආරච්චි 12, අසේල ගුණරත්න 22, තිසර පෙරේරා 32, සමිත ඩිල්ෂාන් 14, අශාන් රන්දික 13, ප්‍රභාත් ජයසූරිය 32/3, ලක්ෂිත මුණසිංහ 20/2)
එස්.එස්.සී. පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 181 යි – (හිමේෂ් රාමනායක 54, ක්‍රිෂාන්ත සංජුල 33, අවිෂ්ක ප්‍රනාන්දු 32, චරිත් අසලංක 13, ධනුෂ්ක ගුණතිලක 16, සුමින්ද ලක්ෂාන් 30/3, අසේල ගුණරත්න 46/3, සික්කුගේ ප්‍රසන්න 38/2)
ටැමිල් යුනියන් – රාගම
දිනයේ පැවැති තරග වලදී ඉහළම ඉලක්කයක් හඹා යමින් ජය වාර්තා කරන ලද තරගය බවට පත් වුණු මෙම තරගයේදී ලකුණු 256 ක ඉලක්කයක් හඹා ගිය රාගම කණ්ඩායම කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. මෙහිදී කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු ජනිත් ලියනගේ ලකුණු 91 ක් ද උදාර ජයසුන්දර ලකුණු 86 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ටැමිල් යුනියන් පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 255 යි – (සධීර සමරවික්‍රම 64, යොහාන් මෙන්ඩිස් 75, ඉසුරු උදාන 33, රවිඳු ප්‍රනාන්දු 31, දමිත් පෙරේරා 11, රන්මිත් ජයසේන 20, සචිදු කොළඹගේ 10*, බිනුර ප්‍රනාන්දු 47/3, ඉෂාන් ජයරත්න 52/2, ශෂික දුල්ෂාන් 24/2)
රාගම පනදුවාර 46 කදී කඩුලු 4 කට ලකුණු 256 යි – (ජනිත් ලියනගේ 91, උදාර ජයසුන්දර 86, සමින්ද ප්‍රනාන්දු 21, දිනෙත් තිමෝද්‍ය 33, ඉසුරු උදාන 37/2)
එන්.සී.සී. – නාවික හමුදාව
එන්.සී.සී. පිලට ලකුණු 167 ක ජයක්
මෙවර තරග වාරයේදී දෙවැනි ශතකය වාර්තා කිරීමට කමිල් මිශාර සමත්වුණු මෙම තරගයේදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 338 ක ඉලක්කයක් ලබා දීමට එන්. සී. සී. කණ්ඩායම සමත්විය. පන්දු 114 කින් සමන්විත වුණු ලකුණු 107 ක ඉනිම සදහා මිශාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කර තිබුණි. ඔහට අමතරව නායක ඇන්ජලෝ පෙරේරා හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 47 කදී ලකුණු 94 ක වේගවත් ලකුණු 94 ක් ලබා ගනිමින් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.
එන්.සී.සී. පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 337 යි – (කමිල් මිශාර 107, ඇන්ජලෝ 94, කවීන් බණ්ඩාර 46, දිනෙත් ජයකොඩි 35, උපුල් තරංග 18, චතුරංග ද සිල්වා 25, පූර්ණ චාරුක 47/4, ඩිලන්ක අවුරිත් 53/2)
නාවික හමුදාව පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 170 යි – (ජොහාන් ද සිල්වා 44, බුද්ධික මදුශාන් 18, අරවින්ද අකුරුගොඩ 29, තුෂාර සමරකෝන් 11, භාග්‍ය එදිරිවීර 14, තරුෂාන් ඉද්දමල්ගොඩ 14, චමෝද් සඳරු 22, චාමික කරුණාරත්න 23/2, සහන් ආරච්චිගේ 25/2)