slc
Home   |    News
අප්‍රේල් 1, 2021
ලීග් ශූරියන් වෙන්න නාවික හමුදාව සහ යුද හමුදාව අතර තියුණු තරගයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය වන හෙට (අප්‍රේල් 02 දා) දිනයේදී ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සහ යුද හමුදා ‘ඒ’ කණ්ඩායම් අතර තියුණු තරගයක් නිර්මාණය වී තිබේ.

ලීග් ශූරයින් තේරීම වෙනුවෙන් කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසානය වන විට එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්වී සිටියි. මෙතෙක් පැවැති තරග 6 න් 6 ම ජයගනිමින් නාවික හමුදා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිද්දී සහභාගිවුණු තරග 6 න් 5 ක් ජය ගෙන සිටින යුද හමුදා ‘ඒ’ පිල එහි දෙවැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 4 ක පරතරයක් තබා ගනිමිනි.

ඒ අනුව හෙට දිනයේදී නාවික හමුදා පිල ජය වාර්තා කළහොත් ඔවුන් නැතිතින්ම 2021 වසරේ ලීග් ශූරියන් ලෙස කිරුළු පළඳින නමුත්, යුද හමුදා කණ්ඩායම විසින් නාවික හමුදා පිලට එරෙහිව පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණක්ද සමඟ ජය ගැනීමට සමත් වුවහොත් තත්ත්වය උඩු යටිකුරු වනු ඇත. එසේ වුවහොත් යුද හමුදා ඒ පිල ශූරියන් ලෙසද නාවික හමුදා පිල අනුශූරියන් බවටත් පත්වනු ඇත. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණ රහිතව ජය වාර්තා කිරීමට යුද හමුදා ‘ඒ’ පිල සමත් වුවහොත් ලීග් ශූරියන් තේරීම දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම් වනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව නාවික හමුදා පිල 2.325 ක්ද යුද හමුදා ‘ඒ’ කණ්ඩායම ප්‍රසාද ලකුණු 1.379 ක වේගයක් රඳවා තබා ගැනීමට සමත්ව සිටිති.

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest