slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2021
විස්සයි-20 ලෝක කුසලාන විජයග්‍රහණයේ 7 වැනි සැමරුම අදයි

sinhala editor

අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම් 2014 වසරේ අප්‍රේල් 06 වැනිදා දිනයයි. බංග්ලාදේශයේ ධකා අගනුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී නැගුණු ඔල්වසරන් මැද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 පිටිය දෙවනත් කරමින් දෙවැනි වතාවට අයි.සී.සී. ලෝක ශූරතාවයක් දිනා ගත්තේ අද වැනි දිනකදීය.

2014 වසරේ පැවැති ඒම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අද (අප්‍රේල් 06 දා) දිනයේ සමරනු ලබන්නේ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පරාජයට ඇද දමමින් දිනාගන්නා ලද විස්සයි-20 ලෝක කුසලාන විජෙයග්‍රහණයේ 7 වැනි සැමරුම වේ.

ඉන්දීය කණ්ඩායම යනු අයි. පී. එල්. තරගාවලිය නිසා විස්සයි-20 තරග කප්පිත්තන් බවට පත්ව සිටින කණ්ඩායමකි. එබැවින් පමණට වඩා තෙම්පරාදුව සිටින ඉන්දීය පිල සතුව සිටියේ ලොව භයානකම පිතිකරු බලඇණිය යැයි කීමේ කිසිම වැරැද්දක් නැත. එම තරගයේ අවසන් පන්දුවාර 4 සඳහා මුහුණ දුන්නේ ඉන්දීය පිලේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනෙකුය. 2011 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලද යුවරාජ් සිං, වත්මන් නායක විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනිය. පිතිකරුවන් අතර දැවැන්තයන් වුවද ඔවුන්ට අවසන් පන්දු 24 තුළදී  රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ ලකුණු 19 ක් පමණි. එය මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්කර දුන් ප්‍රධානම හැරවුම් ලක්ෂය බවට පත්වීය.   

ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව, ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතර සදාතනික මතකයක් එක් කරන ලද 1996 වසරෙන් පසු නැවතත් එම හැඟීම දනවන ලද 2014 වසරේ ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට අමතරව, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ටි.එම්.ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, අජන්ත මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න සහ චතුරංග ද සිල්වා එම ජයග්‍රාහී දම්වැලේ පුරුක් බවට පත් වූහ. එම ජයග්‍රහණයේ 7 වැනි විජයග්‍රහණය සමරන අද දිනයේදී ‘සිංහ තේජස’ ලෝකය මුදුනට රැගෙන ගිය සිංහ විරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රණාමය පුද කර සිටිමු.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest