slc
Home   |    News
අප්‍රේල් 28, 2021
සඳකැන් සහ චාමික පුහුණුවීම් අරඹති

sinhala editor

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවන ලද ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න නීරෝධායන කාල සීමාව අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ වන පුහුණුවීම් සඳහා අද (28 දා) සහභාගිවූහ.

පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට පෙරම ඩිල්ෂාන් මධුශංකද තරගය අතරතුර ළහිරු කුමාරද ආබාධවලට ලක්වීම නිසා සඳකැන් සහ චාමික කණ්ඩායමට නම් කරන ලද අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්වලට අනුකූලව ඔවුන්ව කණ්ඩායමට එක් කර තිබුණි.

දෙවැනි ටෙස්ට් තරගය ඉලක්ක කොට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27 වැනිදා) දිනයේදීත් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල නිරත වුවද නීරෝධායන කාල සීමාව සම්පූර්ණ නොවීම මත සඳකැන් සහ චාමිකට ඔවුන් සමඟ පුහුණු කිරීමේ අවස්ථාව අහිමි වූ කණ්ඩායම් කළමනාකරු මනූජ කාරියප්පෙරුම මහතා සඳහන් කර සිටියේය.

පී. සී. ආර්. පරීක්ෂණවලින් පසු සෑම දිනකදීම ඇන්ටිජන්ට් පරීක්ෂණ සඳහා මොවුන් දෙපළ භාජනය කළ බව සඳහන් කර සිටි කාරියප්පෙරුම මහතා, කණ්ඩායම සමඟ එකට පුහුණුවීම් කිරීමේ අවස්ථාව අද දිනයේ සිට ඔවුන්ට උදාවූ බව සඳහන් කර සිටියේය.

වමත් දඟ පන්දු යවන්නකු වන සඳකැන් සිය මැණික් කිටුව උපයෝගී කර ගනිමින් දඟ පන්දු යැවීමේ නිරත වෙයි. 2016 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීම මංගල ටෙස්ට් වරම්දිනා ඇති සඳකැන් මේ වන වටෙ ටෙස්ට් තරග 11 කට සහභාගිවී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 34.48 ක් රඳවා තබා ගනිමින් කඩුලු 37 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේය. සඳකැන්ට අමතරව නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද මේ වන විටත් ශ්‍රී ලංකා සංචිතයේ පසුවෙයි. කණ්ඩායමට එක්වී සිටින අනෙක් ක්‍රීඩකයා වන චාමික කරුණාරත්නද 2019 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව සිටියි.  

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest