slc
logo
Home   |    News
මැයි 12, 2021
එල්.පී.එල්. හි දෙවැන්න ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැන්න ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

“මේ වසරේදී එල්.පී.එල්. තරගාවලිය පවත්වන්න සුදුසුම කාල සීමාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ අතරතුර අපි තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය අනෙකුත් කටයුතු අවසන් කිරීමට කටයුතු කරමින් සිටිනවා” යි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කලමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර සිටියි.

පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැති එල්.පී.එල්. තරගාවලියේ සමාරම්භක තරගාවලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් කණ්ඩායම් 05 කගේ සහභාගිත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය.

අභිනව එල්.පී.එල්. තරගාවලිය ජෛව බුබුළු පරිසරයකට යටත්ව පැවැත්වීමට පියවර ගනු ලැබූ අතර, මෙවර තරගාවලියද රටේ පවතින සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යෘංශය සමඟ සමීපව කටයුතු කොට පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර සිටියි.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar