slc
logo
Home   |    News
මැයි 3, 2021
ජාත්‍යන්තර පිටියට සමුදුන් තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සුභ පැතුම්

Sri Lanka Cricket

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවර කර දීමේ අරමුණ ඇතිව තමන් එම තීරණයට එළැඹි බවත්, ඒ සඳහා වන සුදුසුම කාලය මෙය බවත් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.


එම ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇති තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, තම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි ඉඩ කඩක් වෙන් කිරීමට මේ හරහා හැකියාවද තමාට හිමිවන බව පෙන්වා දී තිබේ.


2009 වසරේදී ජාත්‍යන්තර තරග පිටියට පිවිස් තිසර පෙරේරා, මේ තරම් කලක් තමන් වෙනුවෙන් උදව් උපකාර කළ කණ්ඩායමේ සාමාජිකයින්, අතීත සහ වර්තමාන කණ්ඩායම් වල නායකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක, කළමනාකරණ කමිටු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කාර්ය මණ්ඩලයද සිය ලිපිය මගින් ස්තූතිය පළ කර තිබේ.


“ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7 කට ක්‍රීඩා කිරීමට මගේ ක්‍රීඩා දිවිය තුළ අවස්ථාව උදාවුණා. 2014 වසරේදී බංග්ලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණ කළ කණ්ඩායමේ සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේ ලද එම සුවිශේෂී ලෝක කුසලාන ජයග්‍රහණය මගේ ජීවිතයේ අමතක නොවනම අවස්ථා බවට පත්ව තිබෙනවා” යි සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


එක්දින ජාත්‍යන්තර තරග 3 කදීත් විස්සයි-20 තරග 9 කදීත් ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති තිසර පෙරේරා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද අසම සම සේවාව අගය කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථකත්වයට පත්වේවායි සුභාශිංසන පළ කර සිටියි.


“තිසර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. රටේ ජයග්‍රහණයන් සඳහා අවස්ථා කීපයකදීම ඔහු කීර්තිමත් දායකත්වයක් ලබා දී තිබෙනවා” යි තිසරගේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee