slc
Home   |    News
මැයි 1, 2021
ශ්‍රී ලංකාව ලකුණු 493 දී ඉනිම අත්හිටුවයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තෙවැනි දිනය ආරම්භයේදී යළිත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 493 ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවා පන්දුවට පහර දීමේ වාරය ප්‍රතිවාදී බංග්ලාදේශ පිලට ලබා දීමට තීරණය කළේය. 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකාව ඉහත තීරණයට එළැඹිණ.

ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල අද දිනයේදී තවත් ලකුණු 13 ක් තම ඉනිමට එකතු කර ගත්තේ 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 111 ක් දක්වා ඉහළ දමා ගනිමිනි. ආරම්භයේ සිටම තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට උනන්දුවක් දැක්වූ දික්වැල්ල මෙහෙදි හසන්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහරද සමඟ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ දමා ගත්තේය. හතරේ පහර 8 ක්ද ඇතුළත් දික්වැල්ල මුහුණ දී තිබුණේ පන්දු 72 කට පමණි.

තවමත් ටෙස්ට් ශතකයක පහස විඳ නැති වමත් පිතිකරුවාට අද දිනයේදී ද ශතකයක් ලබා ගැනීමේ හොඳම අවස්ථාවක් පැවැතියත් ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීම නිසා එම බලාපොරොත්තුව තවත් ඈතට වන්නට විය.

ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි මුෂ්ෆිකර් රහීම් රැක ගැනීම නිසා රමේෂ් මෙන්ඩිස් ලකුණු 33 කට කඩුල්ල අහිමි කර ගත්තේය. එය ටස්කින්ගේ සිව්වැනි කඩුල්ල වශයෙන් සටහන් වද්දී සෙසු පන්දු යවන්නන් වූ ශොරිෆුල්, තයිජුල් සහ මෙහෙදි හසන් කඩුල්ල බැගින් දවා ගත්හ.

පළමු දිනයේදී ඉතාම විශ්වාසවන්තව පිති හැසිරවූ ශ්‍රී ලංකා පිල දිනය අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා ගනිමින් පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක් එක් කරගත්තේය. එකිනෙකාට වුණු වඩාත් විශ්වාසනීයත්වයකින් පන්දුවට පහර දුන් නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න වාර්තා ගත ලකුණු 209 ක සම්බන්ධතාවයකින් ශ්‍රී ලංකා ඉනිම හැඩ කළහ. එහිදී වැඩිම ලකුණු ලාභියා වෙමින් තිරිමාන්න ලකුණු 140 ක්ද කරුණාරත්න ලකුණු 118 ක්ද ලබා ගත්හ. දෙවැනි දිනයේදී යළිත් තරගයට අවතීර්ණ වුණු බංග්ලාදේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 69 ක් තුළදී දවා ගනිමින් කිසියම් පීඩනයක් එල්ල කිරීමට සමත්වුවත් දික්වැල්ල සහ මෙන්ඩිස් දෙපළගේ නොබිඳුණු සම්බන්ධතාවය නිසා තෙවැනි දිනයේ ආරම්භයත්, ශ්‍රී ලංකාවේ පිතිහරඹය සඳහා වෙන්විණ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest