slc
logo
Home   |    News
මැයි 16, 2021
ශ්‍රී ලංකා එක්දින පිල පළමු දිනයේදීම පුහුණුවීම් අරඹයි

sinhala editor

එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා අද (16 දා) අළුයම බංග්ලාදේශයට ගොඩ බැසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදීම සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සඳහා රැඳී සිටින හෝටල් පරිශ්‍රයේදී සහභාගිවිය. ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවීමේදී පළමු දිනය ගමන් වෙහෙස වෙනුවෙන් වෙන්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඒ කිසිත් නොතකා සිය පුහුණුවීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙනෙන වෙනසක් ලෙස සඳහන් කළ හැක.

උදෑසන කාලයේදී බංග්ලාදේශයට ළඟා වුණු ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටල් කායවර්ධනා ගාරයේදී එම පුහුණුවීම්වල නිරත වුණු අතර එහිදී කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් බහුතරයක් සහභාගිවී සිටීම විශේෂත්වයකි.

එක්දින තරග 3 කට සහභාගිවීමට බංග්ලාදේශයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව පරිසරයකට යොමු කොට තිබෙන අතර එහි පළමු දින 3 නීරෝධායනය කාලසීමාවකි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 21 වැනිදා වන තෙක් එම හෝටල් පරිශ්‍රය තුළ රැඳී සිටීමට නියමිතය.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර මෙම තරගාවලිය එක්දින තරග 3 කින් සමන්විත වේ. මැයි 23, 25 සහ 28 යන තෙදින පැවැත්වීමට නියමිත එම තරග සියල්ලම ඩකායි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.  

2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා සාර්ථක කණ්ඩායමක් බිහි කිරීමේ අරමුණින්, තරුණ ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුවේ අදහස වී තිබෙන බැවින් නවක ක්‍රීඩකයින් රැසකගෙන් යුතුව 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ නායකයා ලෙස කුසල් පෙරේරාද උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ද කටයුතු කරති.

සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගාවලිය වන්නේ මෙම තරගාවලිය වේ. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත තරගාවලිය ශ්‍රී ලංකාවේ පළමු තරගාවලිය බවට පත්ව සිටින අතර එය 0-3 ක් ලෙස කොදෙව්වන් හමුවේ පරාජයට පත්විය. සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ බංග්ලාදේශය සහභාගිවන තෙවැනි තරගාවලිය වන්නේ මෙම තරගාවලිය වේ. එම තරගාවලිය යටතේ අවසන් වරට පැවැති කොදෙව්වන්ට එරෙහි තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස බංග්ලාදේශ පිල සිය මව්බිමේදීම පරාජයට පත්වීම කැපී පෙනෙයි.

අවසන් වතාවට දෙපිළම ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදී වන අතර එම තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee