slc
logo
Home   |    News
මැයි 3, 2021
ජාත්‍යන්තර පිටියට සමුදුන් තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සුභ පැතුම්

Sri Lanka Cricket

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවර කර දීමේ අරමුණ ඇතිව තමන් එම තීරණයට එළැඹි බවත්, ඒ සඳහා වන සුදුසුම කාලය මෙය බවත් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.


එම ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇති තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, තම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි ඉඩ කඩක් වෙන් කිරීමට මේ හරහා හැකියාවද තමාට හිමිවන බව පෙන්වා දී තිබේ.


2009 වසරේදී ජාත්‍යන්තර තරග පිටියට පිවිස් තිසර පෙරේරා, මේ තරම් කලක් තමන් වෙනුවෙන් උදව් උපකාර කළ කණ්ඩායමේ සාමාජිකයින්, අතීත සහ වර්තමාන කණ්ඩායම් වල නායකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක, කළමනාකරණ කමිටු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කාර්ය මණ්ඩලයද සිය ලිපිය මගින් ස්තූතිය පළ කර තිබේ.


“ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7 කට ක්‍රීඩා කිරීමට මගේ ක්‍රීඩා දිවිය තුළ අවස්ථාව උදාවුණා. 2014 වසරේදී බංග්ලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණ කළ කණ්ඩායමේ සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේ ලද එම සුවිශේෂී ලෝක කුසලාන ජයග්‍රහණය මගේ ජීවිතයේ අමතක නොවනම අවස්ථා බවට පත්ව තිබෙනවා” යි සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


එක්දින ජාත්‍යන්තර තරග 3 කදීත් විස්සයි-20 තරග 9 කදීත් ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති තිසර පෙරේරා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද අසම සම සේවාව අගය කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථකත්වයට පත්වේවායි සුභාශිංසන පළ කර සිටියි.


“තිසර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. රටේ ජයග්‍රහණයන් සඳහා අවස්ථා කීපයකදීම ඔහු කීර්තිමත් දායකත්වයක් ලබා දී තිබෙනවා” යි තිසරගේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

USD United States (US) dollar