slc
logo
Home   |    News
ජූනි 9, 2021
එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා පිලත් සමඟ IFS හවුල් වෙයි

Sri Lanka Cricket

2021 ජුනි 09 වැනිදා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ‘බැක් ඔෆ් ජර්සි බ්‍රැන්ඩිං’ සහකරු (ටීෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ගෝලීය ව්‍යාවසාය මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටියි.

භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම, වත්කම් ගොඩ නැගීම සහ නඩත්තු කිරීම මෙන්ම සේවා කේන්ද්‍රීය මෙහෙයුම් කලමනාකරණය කරන ලොව පුරා නම් දැරූ සමාගම් සඳහා අවශ්‍ය වන ව්‍යාවසාය මෘදුකාංග IFS සමාගම විසින් සංවර්ධනය කොට ලබා දෙනු ලබයි.

IFS සමාගම යනු මෙරට ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් වන අතර IFS ගෝලීය මෙහෙයුම් වලදී ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් දරයි. ව්‍යවසාය සම්පත් සැලසුම් මෘදුකාංග විසඳුම්’ සපයන්නෙකු ලෙසින් කටයුතු කරනු ලබන IFS සමාගම, පර්යේෂණ කොට සංවර්ධනය කිරීම, විකුණුම්, ක්‍රියාත්මක කිරීම, උපදේශන සේවා සහ නිෂ්පාදන සහාය ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ 1500 කට අධික කාර්යය මණ්ඩලයක් සේවය කරනු ලබති.

දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම යටතේ 2021 වසරේ ජුනි 08 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරනු ලබන විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හවුල්කරුවකු ලෙස කටයුතු කරනු ඇත. එම විස්සයි-20 තරග ජුනි 23 සහ 24 යන දෙදින කාඩිෆ්හිදී ද 26 වැනි දින පැවැත්වෙන තරගය සදම්ටන්හිදීද පැවැත්වෙනු ඇත.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග 3, එම තරග සංචාරයේ එක් කොටසක් වන අතර ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව තවත් එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

අ.පි.බ.

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “IFS වැනි තාක්ෂණයෙන් මුසු සේවාවන් ලබා දෙන ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන සතුටට පත් වන අතර වේගය මත ජයග්‍රාහකයා තීරණය වන විස්සයි-20 වැනි තරගාවලියකදී අප සමඟ අත්වැල් බැඳ ගැනීමේදී එම ආයතනයට ඔවුන්ගේ ඉලක්ක ගත  පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට හැකිවනු ඇති බව මම විශ්වාස කරනවා”යි පැවැසීය.

IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනු ලබන්නේ විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රාහකයින් වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අගදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තරග වැදීමට සූදානම්ව සිටින අවස්ථාවකය.

ශ්‍රී ලාංකේය කාර්යය මණ්ඩලය, හවුල්කරුවන් සහ IFS සමාගමෙහි ප්‍රධාන ගණුදෙනුකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ආදරයකින් සහ ළැදිකමකින් කටයුතු කරනු ඇති බව සඳහන් කර සිටින IFS සමාගම ශ්‍රී ලංකා මෙහෙයුම් විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් රාජපක්ෂ මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පාර්ශ්වකරුවකු ලෙසින් අත්වැල් බැඳ ගැනීමට හැකියාව ලැබීම ගැන අප ආයතනය සතුටු වනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකයකු බවට පත්වීමට ලැබීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. තරග සංචාරය ඉතාමත් සාර්ථක තරගාවලියක් වේවා කියලා අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ ප්‍රාර්ථනා කරනවා” යැයි වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

USD United States (US) dollar