slc
logo
Home   |    News
ජූනි 19, 2021
පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක

Sri Lanka Cricket

එංගලන්තයට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු විස්සයි-20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපිළ බෙදී පැවැති විස්සයි-20 පුහුණු තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමත්වද්දී දෙපිලේම පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක් ලබාගත්හ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර එම ඉලක්කය හඹා ගිය කුසල් පෙරේරාගේ පිල පන්දු 4 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබියදී රැස් කරගැනීමට සමත්විය.

ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නියැළුණු නායක පෙරේරා පන්දු 50 කදී ලකුණු 95 ක් ලබා තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගත්තේය.
ඔහුට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 34 කදී ලකුණු 50 ක් ලබා ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත්විය. ධනංජය ද සිල්වා පන්දු 22 කදී නොදැවී වේගවත් 32 ක් ලබාගත්තේය.
ප්‍රතිවාදී මෙන්ඩිස් පිල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක පන්දු 52 කදී ලකුණු 98 ක්ද නායක කුසල් මෙන්ඩිස් පන්දු 31 කදී ලකුණු 31 ක්ද ලබා ගත්හ.

මෙන්ඩිස් පිල පන්දුවාර 20 කදී කඩුලු 4 කට ලකුණු 219 යි – (ධනුෂ්ක ගුණතිලක 98 අවිශ්ක ප්‍රනාන්දු 32, කුසල් මෙන්ඩිස් 42,දසුන් ශානක 30, දුෂ්මන්ත චමීර 18/1, චාමික කරුණාරත්න 36/1, ඉසුරු උදාන 48/1)

පෙරේරා පිල පන්දුවාර 19.2 කදී කඩුලු 3 ට ලකුණු 220 යි – (ඕෂද ප්‍රනාන්දු 50, කුසල් පෙරේරා 95, ධනංජය ද සිල්වා 32, වනිඳු හසරංග 25, බිනුර ප්‍රනාන්දු 34/2, අකිල ධනංජය 40/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee