slc
logo
Home   |    News
ජූනි 4, 2021
කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරය හෂාන් තිලකරත්නට

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව තිලකරත්න මහතාගේ පත්වීම ජුනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ වන ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පුහුණුකරුවන් ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් කොටසක් ලෙස තිලකරත්න මහතාගේ නවතම පත්වීම සටහන් වේ. 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන තිලකරත්න මහතා, මෙම තනතුරට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ යටතේ පුහුණු තනතුරු කීපයක්ම හොබවා තිබේ.

ඒ අතඑ වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරණ පුහුණු කරු ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ඉකුත් වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද තිලකරත්න මහතා කටයුතු කළේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee