slc
logo
Home   |    News
ජූනි 19, 2021
පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක

Sri Lanka Cricket

එංගලන්තයට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු විස්සයි-20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපිළ බෙදී පැවැති විස්සයි-20 පුහුණු තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමත්වද්දී දෙපිලේම පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක් ලබාගත්හ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර එම ඉලක්කය හඹා ගිය කුසල් පෙරේරාගේ පිල පන්දු 4 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබියදී රැස් කරගැනීමට සමත්විය.

ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නියැළුණු නායක පෙරේරා පන්දු 50 කදී ලකුණු 95 ක් ලබා තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගත්තේය.
ඔහුට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 34 කදී ලකුණු 50 ක් ලබා ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත්විය. ධනංජය ද සිල්වා පන්දු 22 කදී නොදැවී වේගවත් 32 ක් ලබාගත්තේය.
ප්‍රතිවාදී මෙන්ඩිස් පිල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක පන්දු 52 කදී ලකුණු 98 ක්ද නායක කුසල් මෙන්ඩිස් පන්දු 31 කදී ලකුණු 31 ක්ද ලබා ගත්හ.

මෙන්ඩිස් පිල පන්දුවාර 20 කදී කඩුලු 4 කට ලකුණු 219 යි – (ධනුෂ්ක ගුණතිලක 98 අවිශ්ක ප්‍රනාන්දු 32, කුසල් මෙන්ඩිස් 42,දසුන් ශානක 30, දුෂ්මන්ත චමීර 18/1, චාමික කරුණාරත්න 36/1, ඉසුරු උදාන 48/1)

පෙරේරා පිල පන්දුවාර 19.2 කදී කඩුලු 3 ට ලකුණු 220 යි – (ඕෂද ප්‍රනාන්දු 50, කුසල් පෙරේරා 95, ධනංජය ද සිල්වා 32, වනිඳු හසරංග 25, බිනුර ප්‍රනාන්දු 34/2, අකිල ධනංජය 40/1)

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee