slc
logo
Home   |    News
ජූනි 20, 2021
LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

sinhala editor

දෙවැනි වතාවටත් සාඩම්බරව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩක ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මෙම ජුනි මස 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන www.srilankacricket.lk ට ගොස් ඒ සඳහා වන ලියාපදිංචිවීමේ අවස්ථාව උදාවී තිබෙන අතර අයැදුම් කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ජුනි මස 27 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු වේ.

එසේ සිදුකරනු ලබන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් පසු එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් වූ කෙටුම්පත් කිරීමට සුදුසුකම් ලබනු ඇත.

– විදේශීය ක්‍රීඩකයින්

එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීම සඳහා ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වන අතර, එහිදී ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිරීම, නැතහොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, නැතහොත් පූර්ණ සාමාජික මණ්ඩල තරගාවලිවල ප්‍රධාන විස්සයි-20 තරගාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරගාවලියක් හෝ ක්‍රීඩා කර තිබිය යුතු වේ. එම ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුය.

– දේශීය ක්‍රීඩකයින්

මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලබන ක්‍රීඩකයින් පමණක් ඇතුළත් වනු ඇත. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, සංවර්ධන කණ්ඩායමේ සහ ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අමතරම මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඒ සඳහා සුදුසුකම් ලබනු ඇත.

– කණ්ඩායම් සංයුතිය

ලබන ජූලි මස 29 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පෙර තරගාවලිය පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. කණ්ඩායමේ මූලික සංචිතය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එහිදී දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත.

කණ්ඩායම් හිමිකාරීත්වයට අවශ්‍ය වන්නේ නම් ඉකුත් වසරේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතරින් සිව් දෙනෙකු මෙම වසර සඳහා රඳවා ගැනීමේ හැකියාව තරගාවලි සංවිධායකයින් උදාකර දී තිබෙන අතර ඔවුන් සිව්දෙනා දේශීය දෙදෙනෙක් සහ විදේශීය දෙදෙනෙක් වශයෙන් විය යුතු වේ.

ලියාපදිංචිය වෙනුවෙන් සබැඳි web link එක පහත පරිදි වේ.

https://bit.ly/3gGXAFh

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest