slc
logo
Home   |    News
ජූනි 3, 2021
චමීර – කුසල් ‍ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට එති

sinhala editor

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ නායක කුසල් පෙරේරා අන්තර්ජාතික එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති.

එළැඹෙන 2023 වසර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති එමම තරගාවලියේ ශ්‍රී ලංකාවට ලකුණු 97 ක ජයක් හිමිවූ අවසන් තරගයේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය.

ඒ අනුව චමීර පන්දු යවන්නන් අතර ස්ථාන 27 ක් ඉදිරියට හෙවත් 33 වැනි ස්ථානයේ ද කුසල් ජනිත් ස්ථාන 13 ක් හෙවත් පිතිකරුවන් අතර 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත්ව සිටිති.  

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත තරගාවලියේදී  චමීර ලකුණු 99 කට බංග්ලදේශ පිලේ කඩුලු 9 ක් දවා ගනු ලැබුවේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11 ක් රඳවා තබා ගනිමිනි. ඔහු අවසන් එක්දින තරගයේදී ලකුණු 16 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. එම තරගයේදීම ශතකයක් රැස් කිරීමට නායක කුසල් පෙරේරා සමත්විය.

මේ අතර තෙවැනි තරගයේදී ලකුණු 55 ක් රැස් කළ ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන 7 ක් හෙවත් 24 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee