slc
Home   |    News
ජූලි 20, 2021
ඉසුරු උදාන වෙනුවට කසුන් රජිත – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (20 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව මෙම තරගයේදී එක් වෙනස්කමක් සිදුකරමින් පළමු තරගයට ක්‍රීඩා කළ ඉසුරු උදාන වෙනුවට වේග පන්දු යවන කසුන් රජිතව කැඳවමින් ශ්‍රී ලංකාව අවතීර්ණ වද්දී ඉන්දියාව ජයග්‍රාහී සංයුතියේ කිසිදු වෙනසක් නොකොට අවතීර්ණව සිටියි.

28 හැවිරිදි කසුන් රාජිත අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී වේ. එක්දින තරග 9 කට ක්‍රීඩා කර ඇති කසුන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 9 ක් වේ.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, තණතීරුව නිරීක්ෂණය කිරීමේදී මෙය පිතිකරුවන්ට වැඩි සහගතභාවයක් දක්වන බැවින් එම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. කසුන් රජිත, 9. ලක්ෂාන් සඳකැන්, 10. දුෂ්මන්ත චමීර, 11. චාමික කරුණාරත්න

ඉන්දියානු පිල  1. ශිකර් ධවාන් (නායක), 2. ප්‍රිතිව් ෂා, 3. සූර්යකුමාර් යාදව්, 4. මනීෂ් පාණ්ඩේ, 5. ඉෂාන් කිෂාන්, 6. හර්දික් පාණ්ඩ්‍යා, 7. කෘනාල් පාණ්ඩ්‍යා, 8. භුවනේෂ්වර් කුමාර්, 9. දීපක් චහර්, 10. කුල්දීප් යාදව්, 11. යුස්වේන්ද්‍ර චෙහල්.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest