slc
Home   |    News
ජූලි 2, 2021
මිලියන 557 ක් නැරඹූ එල්.පී.එල්.හි වැඩිම තක්සේරුව ජැෆ්නා ස්ටැලියන්ට

sinhala editor

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා දෙමින් පැවැති ‘ලංකා ප්‍රිමියර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් නිකුත් කෙරුණු ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව එහි අභිනව තරගාවලිය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබෙන බව තරගාවලියේ අළෙවි හිමිකාරීත්වය හිමි අයි.පී.ජී. සමාගම අවධාරණය කර සිටියි.

මෙම තරගාවලියේ දෙවැනි අදියර එළැඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලියට පෙර සිදුකරන ලද ඇගැයුම් වාර්තාවට අනුව තරගාවලිය සඳහා ලබා දී තිබෙන මාධ්‍ය ආවරණයෙහි තක්සේරුවද ඩොලර් මිලියන 54.5 ක් බව ඒ පිළිබඳව වු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එම සමාලෝචන වාර්තාවට අනුව ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමට එහි පළමු ස්ථානයට පැමිණි කණ්ඩායම බවට පත්ව සිටින අතර ඔවුන් ඩොලර් මිලියන 3.98 ක තරම් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලැබී තිබේ.

ඉකුත් 2020 වසරේ නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලියේ අනුශූරතාවයට පත් ගෝල් ග්ලැඩියේටර් පිලටද ඩොලර් මිලියන 3.82 ක්ද, දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට ඩොලර් මිලියන 3.54 ක සහ කලම්බු කිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.44 ක වටිනාකමකින් යුත් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබාගත් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

කොරෝනා වසංගතයේ මුල් බලපෑමෙන් පසු මෙරට පැවැති පළමු ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිය බවට පත් වුණු එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩකයින්ට ද නැවුම් අත් දැකීමක් ලබා දෙමින් ජෛව ආරක්ෂිත පරිසරයකට ලක් කරමින් පවත්වනු ලැබීය.

තරගාවලියේ දෙවැනි අදියරද මෙම මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පළමු වසරේ ලද සාර්ථකත්වයත් සමඟ මෙම වසරේ පැවැත්වෙන තරගාවලිය වඩාත් සාර්ථක කර ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පැවැසීය.

“එල්.පී.එල්. පළමු තරගාවලිය සම්බන්ධයෙන් එළිදැක්වුණු මාධ්‍ය ඇගැයීම් වාර්තාවට අනුව  එම තරගාවලියේදී අනුග්‍රාහක සමාගම් සිදුකරන ලද ආයෝජනයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී  ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බවත්, ඔවුන්ට මෙවර තරගාවලියේදීත් ඉතා ඉහළ ආකර්ශනයක් ලැබී තිබෙනවා. මෙය මෙම තරගාවලියේ ඉදිරියට ඉතාම සුභදායී තත්ත්වයක් විදියට සලකන්න පුලුවන්” යි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

මේ අතර තරගාවලියේ හිමිකාරීත්වය හිමි අයි.පී.ජී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා අදහස් දක්වමින්, “පළමු තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයින් ලබා දුන් අවධානය සහ තරගාවලිය නැරඹීම සඳහා ලබා දුන් උනන්දුව ඇත්තටම අපිව දිරිගන්වන්නක්. පළමු අදියර සාර්ථකව පවත්වා අවසන් කිරීමට ඔවුන්ගෙන් ලද ආශිර්වාදය ඉතා වැදගත් වූ බව සඳහන් කරනවා. ඒ වගේම තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ලබා දුන් සහාය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතු වනවා. ඒ වගේම මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් හැමෝටම මම මේ අවස්ථාවේදී මගේ ස්තූතිය පද කරන්න කැමැතියි. ඒ වගේම මෙවර තරගාවලියද ඉතා විශිෂ්ඨ අයුරින් සංවිධානය කිරීමට සෑම දෙනාගේම සහයෝගය ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා” යනුවෙනි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest