slc
Home   |    News
ජූලි 30, 2021
මෙවැනි කණ්ඩායමකට නායකත්වය දීමට අවස්ථාව උදාවීම භාග්‍යයක් – දසුන් ශානක

Sri Lanka Cricket

වත්මන් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම කුශලතාවයන් රැසකින් සමන්විත ක්‍රීඩකයන් සමූහයකින් සමන්විත දක්ෂතම ක්‍රිකට් කණ්ඩායමක් වන අතර ඊට නායකත්වය ලබාදීමට තමාට අවස්ථාව හිමිවීම සතුටට කරුණකැයි එහි නායක දසුන් ශානක ඉන්දියාව සමග තොවැනි තරගයෙන් කඩුලු 7කින් ද තරගාවලිය 2-1 කින් ද ජය ගැනීමෙන් පසුව ප්‍රකාශ කළේ ය.  

දුෂ්මන්ත චමීර වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න වැනි අති දක්ෂ තරුණ ක්‍රීඩකයන්ගෙන් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වන බව පවසන දසුන් ශානක තවත් වසර කිහිපයක්ම යන තුරු ජාත්‍යන්තර ක්‍රීකට් ක්ෂේත්‍රෙය් විශේෂ දක්ෂතා පෙන්විය හැකි කණ්ඩායමක් මේ වන විට ගොඩනැගෙමින් පවතින බවද ප්‍රකාශ කළේ ය. 

පසුගිය බංග්ලාදේශය සංචාරයේ සිටම අපගේ ක්‍රීඩකයන් දක්ෂතා අතරට ඒම ආරම්භ වූවා.බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග තරගාවලියේ අප තවත් පන්නරයක් ලබා ගත්තා . ක්‍රීඩාවේ දක්ෂතා මෙන්ම ක්‍රීඩකයන්ගේ ශාරීරික සුවතා යෝග්‍ය ව්‍යායාම මීට බෙහෙවින් බලපෑවා.එම තත්ත්වය උදා කර ගැනීමට දීවා රාත්‍රිය නොබලා වෙහෙස වූ ක්‍රීඩකයනට තමා ස්තූතිවන්ත වන බවද ශ්‍රී ලංකා නායකයා පැවසීය. 

ඉන්දීයාව සමග එක් දින සහ 20-20 තරගාවලියේ දී මා හට දක්ෂ පන්දු යවන්නන්  කිහිපදෙනෙකුගේ සහ පිතිකරුවන්ගේ සහයක් ලැබුණා. මා සිදු කළේ මා හට ලැබුණු එම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.මෙම ඉන්දීය – ශ්‍රී ලංකා සීමිත ඕවර තරගාවලියන් මා තරග කළ හොඳම තරගාවලියන් ලෙසට මා දකිනවා. සියළු රටවල් මුහුණ පා සිටින මෙවැනි අසීරු අවස්ථාවක අපට තරගාවලියන් දෙකක් සැපයීම පිළිබඳව  ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලයටත් සෑම අවස්ථාවකම මේ  තරගාවලිය සාර්ථකව  පවත්වාගෙන යාමට උපරීම සහය පළකළ ඉන්දීය නායක ශිඛර් ධවාන්ටත් ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ටත් ශ්‍රී ලංකා ක්‍රීකට් අයතනයට සහ පුහුණු කාර්යය මණ්ඩලයටත් ස්තූතිවන්ත වන බවද දසුන් ශානක ප්‍රකාශ ක‍ළේ ය.  

තෙවන 20-20 තරගයේ සහ කණ්ඩායම් දෙක අතර මෙම තරගාවලියේ වීරයා ලෙස තෙරුණු තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අදහස් දක්වමින් තරගාවලිය පුරාම තමා උත්සහ කළේ ලකුණු ලබා නොදී පන්දු යැවීමට බවත් එමගින් කඩුලු ලැබුණු බවත්  ප්‍රකාශ කළේය. 

මේ වන විට අප බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඉන්දියාව සමග හොඳින් දක්ෂතා පෙන්වා සිටින අතර ලබන මෙම ප්‍රගතිය පිළිබදව  තමා සතුටුවන අතර එය දිගටම පවත්වාගෙන යාමට අපේක්ෂා  කරන බවද ප්‍රකාශ කළේ ය. 

ඉන්දීය නායක ශිඛර් ධවාන් අදහස් දක්වමින් අවසාන 20-20 තරගයේදී මුලින් කඩුලු දැවී යාම මත නැවත තරගයට අවතීර්ණ වීමට  අසීරු වූ බවත් ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් හොඳින් පන්දු යවද්දී ඊට මුහුණ දීමට ප්‍රබල පිතිකරුවන් නොමැති වීම තම කණ්ඩායමට අවාසී වූ බවද කීවේ ය.  

කණ්ඩායම් දෙකේම තරුණ ක්‍රීඩකයනට මේ තරගාවලියේදී ඉගෙන ගත හැකී දේ බොහෝ ය.ඔවුන් අත්දැකීම් සහ පළපුරුද්ද ජාත්‍යන්තර වශයෙන් ලබා ගත්තා.ඉන්දීය ක්‍රීඩකයනට ආපසු සියරට ගිය පසු මේ තරගාවලිය පිළිබඳව නැවත මනාව අධ්‍යනය කිරීමට කරුණු රැසක්ම ඇතැයි ද ඉන්දීය නායක ධවාන් පැවසීය. 

බන්දුල මොල්ලීගොඩ 

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest