slc
logo
Home   |    News
ජූලි 7, 2021
ජෛව බුබුල කැඩූ තිදෙනාට එරෙහි පරීක්ෂණය පංච පුද්ගල කමිටුවක් යටතට

Sri Lanka Cricket

එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුලේ නීති උල්ලංඝනය වන සේ කටයුතු කිරීම සම්බන්ධව චෝදනා එල්ලව තිබෙන ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ට එරෙහිව පැවැත්වීමට එම පරීක්ෂණය වෙනුවෙන් පත්කරන ලද කමිටුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාට අමතරව නීතික්ඣවරුන් වන අසේල රැකව, උචිත වික්‍රමසිංහ, පණ්ඩුක කීර්තිනන්ද සහ විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන් පත් කර තිබේ.
මොවුන් තිදෙනාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් ඔවුන්ට එරෙහිව තාවකාලික තරග තහනමක් පනවා තිබේ.

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee