slc
Home   |    News
ජූලි 2, 2021
LPL දෙවැනි අදියරට ජාත්‍යන්තර තරු රැසක්

sinhala editor

මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචිව සිටිති. එම ක්‍රීඩකයින් අතර බංග්ලාදේශය සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන්, ඔස්ට්‍රේලියාවේ බෙන් කටින් සහ ජේම්ස් ෆෝල්ක්නර් සහ දකුණු අප්‍රිකාවේ එක්දින සහ විස්සයි-20 නායක ටෙම්බා බවුමා ඒ අතර ප්‍රධාන වෙති.

ඔවුන්ට අමතරව ටමීම් ඉක්බාල්, මිචෙල් මැක්ලෙහන්, නිකලස් පූරාන්, මොහොමඩ් මහමුදුල්ලා, ෂර්ෆෙන් රදර්ෆර්ඩ්, රවී රාම්පෝල්, ඩේවිඩ් වියස් සහ කලම් ෆර්ගියුසන් ද එල්.පී.එල්. දෙවැනි අදියරයට අදාළ ක්‍රීඩක කෙටුම් පතෙහි ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

ඊට අමතරව අභිනව තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ හිටපු සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටේලර් ද මෙවර තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචිව තිබේ. නේපාල ජාතික කණ්ඩායම නියෝජනය කරන සංදීප් ලමිචනේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අලි ඛාන් ද මෙවර තරගාවලියට ඉදිරිපත් වන සෙසු රටවල ක්‍රීඩකන් අතර පසුවෙති.

කලක් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ පතන් දෙසොහොයුරන්ගෙන් ගිය වසරේ කැන්ඩි ටස්කර්ස් පිල නියෝජනය කරන ලද ඉර්ෆාන් පතන්ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත්වීමේ සූදානම් පසුවේ.

මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එල්.පී.එල්. දෙවැනි අදියර පිළිබඳව අදහස් දක්වා සිටින තරගාවලි අධ්‍යක්ෂ, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින්, “ඉකුත් වසරේ ලද සාර්ථකත්වයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු බොහෝමයක් රටවල ක්‍රීඩකයින් මෙවර තරගාවලියට සහභාගිවීමට බලාපොරොත්තුවෙන් සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඉතා හොඳ සලකුණක්” යි සඳහන් කර සිටියේය.

මේ අතර තරගාවලියේ සංවිධානය කටයුතු භාරව සිටින නවෝත්පාදන නිෂ්පාදන සමූහයේ (අයි.පී.ජී.) ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ සිත් ඇද ගන්නා ක්‍රීඩකයින් ලැයිස්තුවක් මෙවර තරගාවලියට සහභාගිවීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ක්‍රිකට් ලෝලීන්ට ඔවුන්ගේ දස්කම් දැක බලා ගැනීමට මෙවර තරගාවලියේදී හැකියාව ලැබෙනු ඇති බව තම විශ්වාසය බවයි.

මෙවර තරගාවලියට සහභාගිවීම සඳහා ලියාපදිංචිව සිටින ක්‍රීඩකයින් මෙසේය.

බංග්ලාදේශය – ශකීබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්

ඔස්ට්‍රේලියාව – උස්මාන් කවාජා. බෙන් ඩන්ක්, කලම් ෆර්ගියුසන්

බටහිර ඉන්දීය කොදෙව් – ෂෙල්ඩන් කොට්‍රල්, රයද් එම්රිත්, රවී රාම්පෝල්, ඩ්වයින් ස්මිත්, දිනේෂ් රාම්ඩීන්, ජොන්සන් චාර්ල්ස්, රොව්මන් පවෙල්.

පාකිස්තානය – හැරිස් සොහෙල්, වකාස් මක්සූඩ්, මුහමාද් හස්නෙයින්, මොහොමඩ් ඉර්ෆාන්, ශොයෙබ් මක්සූඩ්, ශාන් මසූඩ්, අන්වර් අලී, අම්මාද් බට්.

දකුණු අප්‍රිකාව – රිලී රොසොව්, ඩේවිඩ් වියෙස්, ජොන් ට්‍රෙවර්, මෝර්න් මෝකල්, රසී වැන්ඩර් ඩුසේන්, කේෂව් මහරාජ්, ටබ්‍රිස් ශම්සි, හාර්ඩස් වෙල්ජෝන්.

ඇෆ්ගනින්තානය – අස්ගර් අෆ්ඝාන්, මොහොමඩ් ශේසාඩ්, නජිබුල්ලා සර්දාන්, නවීන් උල්හක්, උස්මාන් ශින්වාරි, රාමනුල්ලා ගුර්බාස්, හස්රාතුල්ලා සසායි, නවීන් උල්හක්, කේස් අහමඩ්.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest