slc
logo
Home   |    News
ජූලි 22, 2021
හිමින් පන්දු යැව්වාට ශ්‍රී ලංකා පිලට දඩ

sinhala editor

ඉන්දියාවට එරෙහිව අඟහරුවාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 20% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ.

නියමිත පන්දුවාර 50 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාරයක් කාලයක් ඒ සඳහා ගත කිරීම මත දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට එම දඩ මුදලට පැනවීමට එම තරගයේ විනිසුරුවරයා ලෙසින් කටයුතු කරන ලද රංජන් මඩුගල්ලේ මහතා පියවර ගෙන තිබේ.

එළැඹෙන 2023 වසරේදී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුපිරි ලීග් තරග වටය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හඳුන්වාදී තිබෙන චර්හා ධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ප්‍රමාදවන සෑම පන්දුවාරයක් වෙනුවෙන් ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 20% ක් දඩ වශයෙන් ගෙවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නියම කර තිබේ.

එම දඩයට අමතරව ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුපිරි ලීගයේදී ප්‍රමාද වන සෑම පන්දුවාරයක් සඳහාම කණ්ඩායමක් උපයා ගනු ලබන ප්‍රසාද ලකුණු වලින් ලකුණක් අඩු කරනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු වලින් මේ වන විටත් තවත් ලකුණක් අහිමිවී තිබේ.

කෙසේ වෙතත් දසුන් ශානක සිදුවූ වරද පිළිගැනීම හේතුවෙන් නඩු විභාගයකින් තොරව එම දඩය නියම කිරීමට මඩුගල්ලේ මහතා පියවර ගෙන තිබේ.

පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන සහ ලින්ඩන් හැනිබල්, තෙවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ සහ සිව්වැනි විනිසුරු ප්‍රගීත් රඹුක්වැල්ල මේ පිළිබඳව වූ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත එල්ල කළහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee