ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත අවුරුදු 19 න් පහළ ජාතික පුහුණු සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කනිෂ්ට තේරීම් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනාගේ තෝරා ගැනීම සිදුව තිබේ.
දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද වැඩසටහනේදී තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 තෝරාගැනීමට පියවර ගෙන තිබේ.
අවසන් සංචිතය තෝරා ගැනීමට පෙර මූලිකව තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනා මහනුවරදී නේවාසික පුහුණු වැඩසටහනකට භාජනය වූ අතර එහිදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් පුහුණු සැසි කීපයකටම යොමු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුපිරි පළාත් වල නම් හෙවත් කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් ආවරණය වන පරිදි වූ කණ්ඩායම් 5 කට බෙදා මෙම නේවාසික පුහුණුව පවත්වන ලදී.
මෙම නේවාසික පුහුණු වැඩසටහනට සහභාගිවුණු සෑම ක්‍රීඩකයකු කෙරෙහිම කණිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයින් ඉතා සමීපව කටයුතු කිරීම විශේෂත්වයක් විය.