slc
logo
Home   |    News
අගෝස්තු 19, 2021
ආරාධිත විස්සයි-20 තරගාවලියේ සංශෝධනයක්

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (20 දා) පැවැත්වීමට නියමිතව තිබුණු තරග දෙක අනිද්දා දිනය දක්වා සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගාවලිය පැවැත්වීමේදී ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට නවාතැන් ලබා දී තිබෙන හෝටල්වල සේවකයින්ට කොවිඩ් – 19 වෛරසය අසාධනය වී තිබෙන බවට පරීක්ෂණ වලදී සනාථවීමත් සමඟ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය මතුවිය.

සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ යටතේ ඉකුත් 17 වැනිදා සිදුකරන ලද පරීක්ෂණයේදී මෙම සේවකයින්ට වෛරසය ආසාධනය වී තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර ඔවුන් කිසිවෙක් ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සමඟ සෘජු සම්බන්තා පවත්වා නොමැත. එම හඳුනා ගැනීමෙන් පසු පූර්වාරක්ෂාව සඳහා කණ්ඩායම් වල ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලය වෙනත් හෝටල් දෙකකට මාරු කර යැවීමට පියවර ගැනිණ. කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසයයෙන් ආරක්ෂාවීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රීඩකයින්, සහාය කාර්යය මණ්ඩලය, නිලධාරීන් මෙන්ම හෝටල් වල සේවකයින් සියල්ල අද (19 දා) යළි පී. සී. ආර්. පරීක්ෂණයකට භාජනය කළ අතර තරගාවලිය පැවැත්වෙන කාලයේදීද වැඩිදුර පරීක්ෂණ සඳහා භාජනය කෙරෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee