slc
Home   |    News
අගෝස්තු 18, 2021
කාසියේ වාසිය දිනූ චන්දිමාල්ගේ රෙඩ්ස් පන්දු යැවීමට තීරණය කරයි

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (18 දා) පැවැත්වෙන පළමු තරගය වන රෙඩ්ස් සහ බ්ලූස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගාවලියේ කාසියේ වාසිය දිනූ කණ්ඩායමක් ප්‍රථමයෙන්ම පන්දු යැවීමට තීරණය කරන ලද පළමු අවස්ථාව වශයෙන් ද චන්දිමාල්ගේ තීරණය සටහන් වේ.

ඒ අනුව අද තරගයට රෙඩ්ස් කණ්ඩායම එකම වෙනස්කමක් කරමින් අසිත ප්‍රනාන්දු වෙනුවට හිමේෂ් රාමනායකවද, බ්ලූස් පිල වෙනස් කම් දෙකක් කරමින් සුරංග ලක්මාල් සහ උප නායක ඇන්ජලෝ පෙරේරා වෙනුවට කලන පෙරේරා සහ ළහිරු සමරකෝන් කැඳවමින් අවතීර්ණව සිටිති.

මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම තරග 3 කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී බ්ලූස් පිල ජයග්‍රහණ දෙකක්ද රෙඩ්ස් පිල එක් ජයග්‍රහණයක්ද වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිති.

රෙඩ්ස් – දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, ඕෂද ප්‍රනාන්දු, අසේල ගුණරත්න, මුදිත ලක්ෂාන්, චාමික කරුණාරත්න, සීකුගේ ප්‍රසන්න, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, හිමේෂ් රාමනායක.

බ්ලූස් – සධීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මදුශංක, ළහිරු සමරකෝන්, කලන පෙරේරා, මශීෂ් තීක්ෂණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest