slc
logo
Home   |    News
ජූනි 16, 2026
කොදෙව් ඇකඩම් ක්‍රීඩකයෝ 231 කට දැවී යති

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි සහ අවසන් නිල නොලත් සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 37ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථක ආරම්භය හමුවේ ඔවුන්ගේ මුල් කඩුලු හතර ලකුණු 37ක් තුළ බිඳ වැටිණි. එහෙත් එම අසීරු අවස්ථාවේදී පිටියට එක් වූ ෂැක්කෙරේ පැරිස් සහ නායක රිවල්ඩෝ ක්ලාක් ඉනිම ගොඩනඟමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 120ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගූහ.

නායක රිවල්ඩෝ ක්ලාක් පන්දු 70කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් රැස් කරමින් කණ්ඩායමට ස්ථාවරත්වයක් ලබා දුන් අතර, ඔහු දැවී යෑමෙන් පසුව ද පැරිස් සිය ඉනිම ඉදිරියට ගෙන ගියේය. අනතුරුව නේතන් එඩ්වඩ් සමඟ හයවැනි කඩුල්ලට ලකුණු 53ක සම්බන්ධතාවක් එක් කළ පැරිස, ශතකයකට ආසන්නව පැමිණ සිටියදී අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවී ගියේය. ඔහුගේ ඉනිමට පන්දු 194ක්, හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

නේතන් එඩ්වඩ් ද පන්දු 56කදී ලකුණු 28ක් රැස් කරමින් මැද පෙළට සහායක් ලබා දුන්නේය. එහෙත් පහළ පෙළ පිතිකරුවන්ගෙන් වැඩි දායකත්වයක් නොලැබීම හේතුවෙන් කොදෙව් ඇකඩමි කණ්ඩායම පන්දුවාර 67.5කදී සියලු දෙනා දැවී ලකුණු 231කට සීමා විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චමෝද් බට්ටගේ විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තේය. ඔහුට අමතරව නිසල තාරක සහ ශක්ති උදාර කඩුලු දෙක බැගින් ද අසිත වන්නිනායක සහ දිනුර කළුපහන එක් කඩුල්ල බැගින් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් පුලිඳු පෙරේරා සහ රවිඳු රසාන්ත ප්‍රවේශමෙන් ඉනිම ගොඩනඟමින් දිනය අවසන් වන විට කිසිවකු නොදැවී ලකුණු 37ක් රැස් කර සිටියහ. පුලිඳු පෙරේරා නොදැවී ලකුණු 13ක් සහ රවිඳු රසාන්ත නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තවමත් ප්‍රතිවාදීන්ගේ මුල් ඉනිමට වඩා ලකුණු 194ක් පිටුපසින් සිටියි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 67.5 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (ෂැක්කෙරේ පැරිස් 99, රිවල්ඩෝ ක්ලාක් 57, නේතන් එඩ්වඩ් 28, චමෝද් බට්ටගේ 51/4, නිසල තාරක 38/2, ශක්ති උදාර 61/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 37 කදී කිසිවකු නොදැවී ලකුණු 37 යි – (පුලිඳු පෙරේරා 13*, රවිඳු රසාන්ත 5*)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee