slc
logo
Home   |    News
අගෝස්තු 22, 2021
කාසියේ වාසිය දිනූ බ්ලූස් පන්දු යවයි – පොඩි මාලිංගට අවස්ථාවක්

sinhala editor

මෙම 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා බ්ලූස් කණ්ඩායමට තීරණාත්මක ග්‍රේස්ට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනාගත් බ්ලූස් නායක ධනංජය ද සිල්වා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ලීග් තරග වටයේ අවසන් තරග දිනය වන මෙම 11 වැනි තරගයේදී බ්ලූස් පිල වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක වෙනුවට ශිරාන් ප්‍රනාන්දුව කැඳවමින් අවතීර්ණව සිටිති. මේ වන විටත් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට ග්‍රේස් පිල සමත්ව සිටීම නිසා අද තරගයේදී මෙතෙක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද ක්‍රීඩකයන් දෙදෙනකු වන හිමාෂ ලියනගේ සහ මතීෂ පතිරණ කැඳවමින් තරගයට අවතීර්ණ ව සිටියි. පෙර තරගයට ක්‍රීඩා කරන ලද නුවන් ප්‍රදීප් සහ අෂේන් ඩැනියෙල් ඔවුන් වෙනුවෙන් කණ්ඩායමෙන් විවේක ගන්වන ලද පන්දු යවන්නෝ බවට පත්ව සිටිති.

මතීෂ පතිරණ යනු ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයකු වේ. ඔහු අවසන් වරට පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින පන්දු යවන්නෙකි.

බ්ලූස් පිල -සධීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, කලන පෙරේරා, මහීෂ් තීක්ෂණ.

ග්‍රේස් XI – මිනෝද් භානුක, කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, දසුන් ශානක, චතුරංග ද සිල්වා, පුලින තරංග, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, හිමාෂ ලියනගේ, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee