slc
Home   |    News
අගෝස්තු 2, 2021
ගමෙන් පැමිණ ජාත්‍යන්තරය ජය ගත් ඉසුරු උදාන

Sri Lanka Cricket

නොබෝදා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගත් මෙරට තුන් ඉරියව්වේම දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙස නමක් දිනා සිටින ඉසුරු උදාන ගමෙන් පැමිණ (පිට පළාත්) ජාත්‍යන්තරය ජය ගත් ක්‍රිඩකයෙකු ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි. 

ඉසුරු උදානගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහු ජාතික මට්ටමෙන් ක්‍රිඩා දෙකක දී අතීතයේ සම්බන්ධව සිටීම ය. කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ඔහු අධ්‍යාපනය ලබන අවධියේ ශ්‍රි ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර පාසල් වියේ දී මලල ක්‍රිඩාවෙන් සමස්ත ලංකා තුන් පිම්ම, දුර පැනීම සහ උස පැනීමේ දී දක්ෂතා පිළිඹිබු කර ඇති සමස්ත ලංකා මලල ක්‍රිඩා සූරයෙකි. එවැනි ක්‍රිඩකයෝ දැයකට අගනේය එහෙත් දුලභය. 

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයට ඈතින් ගමක උපත ලද ඉසුරු උදාන බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීය. ක්‍රිකට් ක්‍රිඩාවේ මූලික පුහුණුව මොහු ලැබුවේ එම පාසලෙනි. ද්වීතික අධ්‍යාපනය මොහු ලැබුයේ කොළඹ සේනානායක විදුහලෙනි. දක්ෂ ක්‍රිඩකයෙකු ලෙස ඉදිරියට යාමට ඔහුට අවස්ථාව උදා වූයේ එහි දී ය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියට අවසාන වරට (2020) සහභාගී වූ එකම ශ්‍රි ලංකා ක්‍රිඩකයා වන මොහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළේ ය. 

1988 පෙබරවාරී මස 17 වැනි දා බලංගොඩ දී උපත ලද ඉසුරු උදාන ශ්‍රි ලංකාව වෙනුවෙන් එක්දින තරග 21ක දී ලකුණු 237ක් ද (ඉනිමක සාමාන්‍ය 16.93) 20-20 තරග 34ක දී ලකුණු 256ක් ද (සාමාන්‍ය 18.29යි) රැස්කර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 10කට ද සහභාගී වී සිටී. මේ අතර පන්දු යැවීමේ දී එක් දින කඩුලු 18ක් සහ 20-20 කඩුලු 24ක් දවා තිබේ. දේශීය පළමු ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග 92ක දී ලකුණු 2539ක් සහ කඩුලු 260ක් ද 20-20 තරගාවලියේ දී තරග 163ක දී ලකුණු 1062ක් සහ කඩුලු 167ක් ද දවා සිටී. 

2008 වසරේ ශ්‍රි ලංකා ‘ඒ’ කණ්ඩායම සමග දකුණු අප්‍රිකා සංචාරයට එක් වී ජාතික මට්ටමින් ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසි ඉසුරු උදාන වසර 14ක ජාතික කර්තව්‍යයෙන් පසු ඉන් විශ්‍රාම ගත්තේ මේ වසරේ ජූලි 31 වැනිදා ය. එහෙත් දේශීය අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රිඩාවට සහ ලංකා ප්‍රිමියර් ලීග් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි තරගාවලියන්ට ඉදිරියේ දී තරග කිරීමට අපේක්ෂා කරන බවද ඉසුරු උදාන පවසයි. 

ක්‍රිකට් ක්‍රිඩාවට මා දැඩි ඇල්මක් දක්වනවා. ඒ සඳහා සියයට සියයක දායකත්වයක් ද ලබා දී තිබිම පිළිබඳව සතුටුයි. මා ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වන්නේ තරුණ ක්‍රිඩකයනට අවස්ථාව සැලසීමට යැයි ද ඉසුරු උදාන කියයි. 

ආරම්භක පන්දු යවන්නකු ලෙස දුව ඒමේ දී තුන්පිමම හෝ උස පැනීමේ ක්‍රිඩකයෙකු දුව එන විලාශයක් මොහු තුළින් ඈත සිට බලන්නෙකුට දිස් වේ. පන්දුවට පහර දීමෙ දී අග පෙළ දකුණතින් වේගවත් හයේ සහ හතරේ පහර එල්ල කිරීමට ද මොහු සමතෙකි. 

බන්දුල මොල්ලිගොඩ. 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest