slc
Home   |    News
අගෝස්තු 21, 2021
ග්‍රීන්ස් අවසන් මහ තරග බලාපොරොත්තුව වැස්ස ඩැහැ ගනියි

sinhala editor

අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් පිලට අවසන් මහ තරග බලාපොරොත්තුව සඳහා තිබුණු අවසන් අවස්ථාවද වර්ෂාව හේතුවෙන් අද (21 දා) අහිමිව ගියේය. බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගය පන්දුවාර 7 කට සීමාවීම හේතුවෙන් දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් සමව බෙදී ගියහ. මෙම තරගයේ ප්‍රතිඵල රහිතවීම මත තරග 4 න් 4 ම ජය ගෙන සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායමට කිසිදු අපහසුවකින් තොරව අවසන් මහ තරග වරම උදාවී තිබේ.

ඒ අනුව ලබන 24 වැනිදා ග්‍රේස් පිල සමඟ තරග වදින්නේ කවුරුන්ද යන්න තීරණය වනු ලබන්නේ බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් ඉදිරි තරග වලදී වාර්තා කරගනු ලබන ජයග්‍රහණ වලට අනුවය.

කාසියේ වාසියත් සමඟ පන්දු යැවීමට ග්‍රීන්ස් නායක අශාන් ප්‍රියන්ජන්ගේ තීරණය විය. ඒ අනුව ඉනිම ඇරැඹි සධීර සමරවික්‍රම සහ ධනංජය ලක්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කළහ. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කිරීමට පෙර යවන ලද අවසන් පන්දුවේදී ධනංජය ලක්ෂාන් ලකුණු 31 කට දැවී ගියේය. පන්දු 28 කට මුහුණ දුන් ධනංජය සිය ඉනිම හතරේ පහර 6 කින් වර්ණවරත් කරද්දී සධීර පන්දු 14 කට මුහුණ දෙමින් ලකුණු 12 ක් ලබා සිටියේය. ධනංජයගේ කඩුල්ල රමේෂ් මෙන්ඩිස් විසින් දවා ගනු ලැබීය.

වර්ෂාව ඇද වැටීමත් සමඟ ක්‍රීඩාංගණය වැසි ආවරණවලින් වසා දැමිණ. වර්ෂාව ක්‍රම ක්‍රමයෙන් අඩුවීමත් සමඟ ක්‍රීඩාංගණ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු විනිසුරුවෝ ප.ව. 4.40 ට තරගය අත්හැර දැමීමට තීරණය කළහ.

බ්ලූස් පන්දුවාර 7 කදී කඩුල්ලක් දැවී ලකුණු 48 යි – (ධනංජය ලක්ෂාන් 31, සධීර සමරවික්‍රම 12, රමේෂ් මෙන්ඩිස් 08/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest