slc
Home   |    News
අගෝස්තු 15, 2021
ග්‍රේස් – බ්ලූස් අපරාජිතභාවය රැකගැනීමේ සටනක

sinhala editor

ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට පැවැත්වෙන තරග අතර රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිත දසුන් ශානකගේ ග්‍රේස් සහ ධනංජය ද සිල්වාගේ බ්ලූස් කණ්ඩායම් අතර තරගයට විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඒ මෙතෙක් පැවැති තරගවලදී දෙපිලම අපරාජිතව භාවය රැක ගනිමින් හෙට තරගයට අවතීර්ණවන බැවිනි. ඒ අනුව හෙට දිනයේ ජය වාර්තා කරනු ලබන කණ්ඩායම අපරාජිත භාවය තවදුරටත් රැක ගැනිමින් තරග වැදීමේ අවස්ථාව උදාකර ගනු ඇත.

මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ආකර්ශනයක් දිනාගෙන සිටින කණ්ඩායම බවට පත්ව සිටින්නේ ධනංජය සිල්වා නායකත්වයට නම් කරන ලද බ්ලූස් කණ්ඩායමයි. මෙතෙක් පැවැති තරගවලදී හඹා යමින් ජය වාර්තා කරන ලද එකම කණ්ඩායම බවට පත්ව සිටින්නේ බ්ලූස් කණ්ඩායම වේ. ග්‍රීන්ස් පිලට එරෙහිව ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය ග්‍රින්ස් කණ්ඩායම පන්දු 3 ක් ඉතිරිව තිබියදී ජය ගැනීම මෙතෙක් තරගාවලියේ වාර්තාවුණු කැපී පෙනෙනතම ජයග්‍රහණය විය.

එමෙන්ම එම තරග 2 ම බ්ලූස් පිල ජයග්‍රහණය කරන ලද්දේ ඔවුන්ගේ නම් කරන ලද නායක ධනංජය ද සිල්වා රහිතවය. ඉන්දීය තරගාවලියෙන් පසු දින කීපයක් විවේක ගැන්වීමට තේරීම්වලදී තීරණය වී තිබීම නිසා ධනංජයට පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ අතර කණ්ඩායම මෙහෙයවීම උප නායක ඇන්ජලෝ පෙරේරා විසින් සිදුකරනු ලැබීය.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා මේ වන විට කණ්ඩායමට එකතුව සිටින අතර හෙට තරගය ඉලක්ක කර ගනිමින් ප්‍රථම වතාවට අද දිනයේදී සිය පුහුණුවීම් වලටද සහභාගිවූවේය. මෙම තත්ත්වය බ්ලූස් කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරවන්නක් බවට පත්ව තිබේ.

ධනංජය ද සිල්වා බ්ලූස් කණ්ඩායමට එක්කාසු වන විට ඉන්දියාවට එරෙහි තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනුණු චරිත් අසලංකගේසේවය හෙට තරගයේදී ග්‍රේස් පිලට ලැබෙනු ඇත. මොවුන් දෙදෙනාම අද දිනයේදී පුහුණුවීම් සිදුකරන ලද්දේ එකට වීමද කැපී පෙනෙයි.  ඒ අනුව කණ්ඩායම් අතර වන ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් සංසන්දනය කිරීමේදී කණ්ඩායම් දෙකම ඉතාමත් සමබර තත්ත්වයක පසුවෙති.

මෙතෙක් ක්‍රීඩා කරන ලද තරග 2 ම ජය ගෙන සිටින දසුන් ශානකගේ ග්‍රේස් පිලද ප්‍රසාද ලකුණු 4 ක් ලබමින් ග්‍රේස් පිල සමඟ සම තත්ත්වයේ සිටින නමුත්, ලකුණු ලබා ගැනීමේ වේගය මත දෙවැනි ස්ථානයට පත්ව සිටියි. කෙසේ වෙතත් හෙට දිනයේදී ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම ප්‍රසාද ලකුණු අතින්ද පෙරමුණට පැමිණෙනු ඇත.

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි බ්ලූස් නායක ධනංජය ද සිල්වා “හොඳ සූදානමක් තියෙනවා. ගහපු තරග දෙකේ පන්දු යවන්නන් පිතිකරුවන් බැලුවහම ඔක්කොම අය හොඳට කළා. ග්‍රේස් කණ්ඩායම ගත්තත් ඔවුන් හොඳට කරලා තියෙනවා. හෙට තරගයේදී ලොකු තරගයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා”යි සඳහන් කර සිටියේය.

“හොඳටම ක්‍රීඩා කරලා තියෙන වෙලාවක කණ්ඩායමේ මානසිකත්වයත් ඉතා ඉහළයි. ඒ අවස්ථාවක කණ්ඩායමට එකතුවීමට අවස්ථාව උදාවීම ගැන සංතෝෂ වෙනවා. බලාපොරොත්තු වෙනවා මේ තරගයත් හොඳට ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න. පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් තවත් 10% ක වගේ හදාගන්න තියෙනවා. කොහොම වුණත් ලොකු වෙනස්කමක් සිදුකරන්න අවශ්‍ය වන්නේ නෑ” යැයි කණ්ඩායමට එක්ව සිටින චරිත් අසලංක පුහුණුවීම් අතරතුරදී අදහස් දක්වා සිටියේය.  

මේ අතර හෙට දිනයේ පළමු තරගය ලෙසින් තරගාවලියේ මෙතෙක් එකම තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අසමත්ව සිටින දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලත් අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් පිලත් ප.ව. 2.30 ට තරග වදිනු ඇත. මෙහිදී රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය තරගාවලියේදී වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු චාමික කරුණාරත්නද ක්‍රීඩා කරනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest