slc
Home   |    News
අගෝස්තු 21, 2021
ග්‍රේස් – රෙඩ්ස් අතර තරගයත් වැස්සට යටවෙයි

sinhala editor

ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් අද (21 දා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දසුන් ශානකගේ  ග්‍රේස් කණ්ඩායමත්, දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් කණ්ඩායමත් අතර තරගය ද වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් යැවීමෙන් තොරව අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

පස්වරුවේ පැවැත්වුණු බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයද පන්දුවාර 7 කට සීමා වෙමින් අත හැර දැමුණු අතර තරගය නවතා දමන අවස්ථාවේ සිට දිගින් දිගටම පල්ලකැලේ ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ප.ව. 8.15 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කන ලදී.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවීමත් සමඟ ග්‍රේස් පිලේ ප්‍රසාද ලකුණු 9 දක්වාද රෙඩ්ස් පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5 දක්වාද ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් දසුන්ගේ ග්‍රේස් කණ්ඩායම සමඟ අවසන් මහ සටනට සුදුසුකම් ලැබීම සඳහා රෙඩ්ස් සහ බ්ලූස් අතර තරගයක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ අනුව හෙට (22 දා) පැවැත්වීමට නියමිත මූලික වටයේ අවසන් තරග 2 වන ග්‍රේස් සහ බ්ලූස් අතර තරගයෙන් බ්ලූස් පිල ජය ගෙන රෙඩ්ස් සහ ග්‍රීන්ස් අතර තරගයෙන් රෙඩ්ස් පිල ජයගතහොත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව යළිත් සමාන වන බැවින් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය වනු ඇත. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව රෙඩ්ස් කණ්ඩායමට වඩා (-0.812) බ්ලූස් කණ්ඩායම (0.444) ඉදිරියෙන් පසුවීම නිසා අවසන් මහ තරග වරම උදාකර ගැනීමට නම් රෙඩ්ස් පිල හෙට ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී වැඩි ලකුණු වේගයක් රඳවා ගනිමින් තරගය ජයග්‍රහණය කළ යුතුය.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest